Tuesday, June 7, 2011

කලබල උනාම කොරස් කටෙත්.....

මෙක මම අහපු කතාවක්... මම අහපු විදියටම කොටන්නම්කො..
ඔන්න මම ඉන්නව වගෙ මැදපෙරදික රටක හිටියලු රියදුරෙක්..
බංගලිදෙශයෙන් ආපු මනුස්සයෙක්.. ඔය මනුස්සය ගමනක් යනකොට පාලු ප්‍රදෙශයකදි බරක් හැදුනලු... (ඔව් මල පහ කරන්න තමයි)... එතින් ඉන්නම බැලු... බැරිම තැන එ පැත්තටම තිබුන පොඩි කඩෙට ගියාලු... ගිහිල්ල ඇහුවලු වැසිකිලියක් තියනවද? කියල.... කරුමෙට එතන යටිතල පහසුකම් නැලු... බරපැනයට විසදුමක් නැලු... ඔන්න මිනිහ ටක් ගාල වතුර පොතලයක් අරගෙන ආයෙත් පාගල ගියාලු...

ගිහිල්ල නතර කලාලු පොඩි කදුගැටයක් ගාව.. එ අසල තියන පදුරකට මුවාවෙලා බර පැන විසදගත්තලු..(මල පහ කලාලු)... අනෙ අපොයි... හොදන්න වතුර බොතලය ඇරල හොදන්න බලනකොට වතුර අයිස් වෙලාලු... ඉතුරු ටික කියුවෙ නැ....

Tuesday, March 8, 2011

ඇට

මෙ කොටන්ඩ යන දෙ පොඩ්ඩක් නිකන් කුනු හරුප කියල හිතෙන්ඩ පුලුවන්... අකමැති අය කියවන්න එපා... ඔය කියුවට කියවල බනිද දන්නෙ නැ... හෙඩිම දැක්කම අර ඇට 8ට මතක් උනාද දන්නෙත් නැ... මෙක මම අහල තියන කතාවක්... සහ ගොඩක්ම කෙටි 1ක්... ආටොප දාල ලියන්න තෙරෙන්නෙ නැ.. දන්න විදියට කොටන්නම්කො... ඔන්න එහෙනම් story 1ක

ඔන්න එකමත් එක ගමක හිටියලු ටික්කක් තරුන ජොඩුවක්... බොහොම ආදරෙන් ඉන්න ඩබලක් ලු... ඔන්න ඔය විදියට සතුටින් කාලය ගෙවිල යනකොට මනුස්සය අසනිප උනාලු... එන්න එන්නම ලෙඩෙ වැඩිවෙලා මනුස්සය මැරුනලු.... ඉට පස්සෙ මෙයාගෙ මිනිය පිච්චුවලු... නොනට බලන්න බැ කියල එයා කනත්තට ආවෙ නැලු... මල්ශාලාවෙ අයට උපදෙස් දිල තිබුනලු බශ්මාවශෙශ අරන් එන්න කියල පස්සෙ සොහොනක් හදන්න.... මෙ කතාව වයිෆ්ට හරියට තෙරුනෙ නැලු...
ඉතින් මල්ශාලාවෙ අය බශ්මාවශෙශ මුට්ටියකට දාල අර වයිෆ්ට දෙන්න ගෙදරට ගියාලු... ගිහිල්ල කියුවලු නොනා මෙ මහත්තයගෙ ඇට ටික කියල...

මෙක දැකල නොන කියනවලු මෙ එයාගෙ එව නෙමෙයි... වෙන කාගෙද.. මට එපා කියල... දැන් අපු අය හොල්මන්ලු... ආයෙත් කියනවලු අනෙ නොන දුක තමයි එත් දැන් මෙක බාරගන්න කියල... මෙ ගැනි කියනවලු එහෙම අනුන්ගෙ එව මට බාරගන්න බැරිය... මගෙ මහත්තයගෙ එව නෙමෙය කියල... එක විකාරයයිලු...

බැරිම තැන වැඩි හිටියො මැදිහත් වෙලා ඇහුවලු ඇයි ලමයො එහෙම කියන්නෙ කියල... එතකොට මෙ බවලතා ඇබරි ඇබරි කියනවලු....
එයාට මෙච්චර ඇට නැ... මෙතන මුට්ටියක් පුරවල තියනව.... මම හොදටම දන්නව එයාට තිබුනෙ දෙකයි කියල....

පස්සෙ වැඩිහිටියො මැදිහත්වෙලා ප්‍රශ්නෙ නිරාකරනය කලාලු...
 ඔන්න ඕකයි සින් 1ක...

Tuesday, February 22, 2011

ගුනපාල ඉන්නවද?

මෙ සින් 1ක අපෙ ගොබිලො සෙට් 1ක් කැරපු වැඩක්... මමත් අහපු 1ක්.. එක වෙලා තියෙන්නෙ මොහෙමයි....

ඔන්න අපෙ 1කෙක් තව 1කෙකුගෙ ගෙදරට කතාකරල අහනවලු... ඔව් ටෙලිෆොන් එකෙන් තමයි... ඔව් කටින් තමයි...

ගෙහිමිය : හලො..

බුවා 1 : ආ.... හලො.. කොහොමද?

ගෙහිමිය : හොදයි... කව්ද කතාකරන්නෙ...

බුවා 1 : මෙ මම ගුනපාල ඉන්නවද?

ගෙහිමිය : එහෙම කෙනෙක් මෙහෙ නැ...

බුවා 1: ආ.... එහෙමද? මෙ නොම්මරෙ තමයි දුන්නෙ... කමක් නැ.. පනිවිඩයක් කියන්න පුලුවන්ද?

ගෙහිමිය : ගුනපාල කෙනෙක් මෙහෙ නැ.. හරියට නොම්මරෙ බලල ගන්න... රොන් නම්බ....

බුවා 1 : හා  එහෙනම්... බායි...

ඔක සාමන්‍ය දෙයක්නෙ... ඔයවගෙ දෙවල්ද මිනිස්සු කරන්නෙ....
ඔන්න විනාඩි 30කට විතර පස්සෙ..

ගෙහිමිය : හලො...

බුවා 2 : හලො... ගුනපාල ඉන්නවද?

ගෙහිමියා : එහෙම කෙනෙක් නැ.. රොන් නම්බ..

බුවා 2 : ආවම කියනවද මෙ...

ගෙහිමිය : මෙහෙ ඇහි ගුන පාලයෙක් නැ...

දඩස්... අනෙ ෆොන් 1ක පවු....
ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඉටපස්සෙ ඔන්න අපෙ නියම බුවා කොල් කරල අර නම්බ 1කට..

ඔන්න දෙබස...


ගෙහිමිය : හලො..

බුවා : හලො... කොහොමද?

ගෙහිමිය : හොදයි... ඔයා කව්ද?

බුවා : අදුරගන්න බරි උනාද? මෙ මම

ගෙහිමිය : මම කියන්නෙ කවුද? නම මොකක්ද?

බුවා : මම එන්න හිටියෙ...
මම ගුනපාල මට පනිවිඩ මුකුත් තියනවද?

ගෙහිමිය : උබෙ අම්මට ............................................................................

හිතාගන්නකො දෙබස..

ප/ලි : මෙය සැර ඉතාම බාල කර ලියන ලද්දකි..

Monday, February 14, 2011

ෂර්ට් 1ක නොන්ඩියි

අද ලියන්න යන සින් 1කත් අපේ වික්‍රමට උන සීන් 1ක් තමයි... අපෙ හන්දියෙ අපි හවසට සෙට් වෙනව අපෙ යලුවෙකුගෙ කඩෙ ගාව... ඔය හරියෙ ඉතින් 1ක 1ක ටියුශන් පන්ති තියනවනෙ... වැඩ ඇරිල හවස අපි ඔය කඩෙ ගාව තමයි වල බහිනෙ... මම ඔය කඩ විදියෙ කෙලවර දවසක් දැක්ක බොඩ් 1ක් එකෙ ලියල තියනව ලොකු අකුරෙන් "සයිලන්සර්" කියල... මම අපෙ උන්ට කියුව අන්න මචන් නියම ඉන්ග්‍රිසි ක්ලාස් 1ක් ද කොහෙද උගන්නන්නෙ සයිලන් කියල සර් කෙනෙක්... අර බොඩ් 1ක් ගහල තියෙන්නෙ කියල... ඔයවගෙ අපි ඔතන හිටියෙ හරිම විනොදෙන්...ඔය අතර තමයි අපෙ 1කා 1කා ඔය පන්ති යන කැකුලියන්ට බැල්ම දාන්න ගත්තෙ...
අපෙ වික්‍රමයත් බැල්ම දාන්න පටන් අරන්.... මු කොහොමත් කාට හරි බැල්ම දානව... මමත් එ දවස්වල එහෙම තමයි... අපි ඔක්කොම සෙට් 1ක එක වගෙ තමයි... වික්‍රමය මැරිගෙන ට්‍රයි කරනව කාටහරි... අමාරුවෙන් වචනයක් කතාකරනව... ඔය අතර කවි ලියනව... හැබැයි අපිට එව පෙන්නන්නෙ නැ.. දවසක් අපි දැක්ක... හොදට ලියල තියනව.. එත් ඉතින් ආතල්1කට බයිට් නොකරන්නෙත් නැ... ලියුවට වැඩක් තියනව ඇ.... මු මෙව දෙන්නෙ නැ නෙ,... ඔන්න ඔය විදියට ටික දවසකින් මු අහනවා... උත්තරයක් හම්බ වෙනව බැ.. කියල... නැත්නම් ප්‍රමාද වැඩියි කියල... 
ඔය වගෙ සින් තියනවනෙ... ඔන්න දවසක් අපි හන්දියට ගියා මුට හෙල්ප් 1ක් දෙන්න කියල... හෙල්ප් 1ක තමයි මු අර ට්‍රයි කරන කෙල්ලට අඩි 15ක් විතර පස්සෙන් යනව... අපි මුගෙ පස්සෙන් බයිසිකල් තල්ලුකරන් තවත් අඩි 20ක් විතර පස්සෙන් යන 1ක...ඔන්න සුපුරුදු පරිදි මු යනව අර නගාගෙ පස්සෙන්... කියන්න තරම් සිරාත් නැ ඉතින්... ඔන්න යනකොට අංකල් කාරයෙක් ආව... එතකොටම් කෙල්ල කියපි තාත්තෙ මෙන්න මෙය තමයි මම කියුවෙ කියල... 
එතකොට මචන් මර අප්සට්... ගෙවල් වලට ආරන්චි වෙයිද... ගුටි කන්න වෙයිද?.... පස්සෙ ඇවින් රිටන් 1ක දෙනව... කියල හිතෙනව... පපුව ගැහෙනව... ඇයි මචන් අපෙ දෙමාපිනගෙ තත්වෙ...අපෙ නම්බු ක‍ටුව...ඔවා මචන් බෙරගන්න ඔන නෙ... ඔය බම්බු නිසා තමයි එදවස්වල හරියට 1ක් සෙට් කරගන්න බැරි උනෙ... ඉතින් මචන් මමයි අනිත් 1කයි දැන් පර අනිත් පැත්තෙ... මම උයි කතාඋනා.... බැන්නොත් සද්ද නැතුව ඉම්මු.... ගහන්න ආවොත් පැනල ගහමු... ගහල පාගල යමු...කෙල්ලෙක් නිසා මුට ගුටිකන්න දෙන්න බැනෙ... මචන්... මොනව උනත් මගෙ හොදම මැන්ගො ෆ්‍රෙඩානෙ.... 
අංකල් අල්ල ගත්ත මුගෙ බයිසිකලෙ හැඩල් 1කෙන්... අල්ලන් අහනව

තමුසෙ මොකද අපෙ දුවගෙ පස්සෙන් එන්නෙ...

නැ අංකල් මම... මෙ.... මෙ.... නිකා.......

එතකොට අර අංකල් අහනව මම තමසෙගෙ අංකල් නෙමෙයි....කට පරිස්සම් කරගන්නව...

ඔය වගෙ... එව... අපිට හරියටම ඇහෙනව අඩුයි... එතකොට තව පොරවල් 2ක් ආව ඔතනට..ඇවිල්ල අර අංකල් ගෙන් ඇහුව මොකද ප්‍රශ්නෙ කියල... ඔන්න අපි තවත් බය උනා... දැනම් ගමකින් කන්න වෙන්නෙ... ගුටිකාගෙන ගරි මුවත් අරන් පදිමු කියල තමයි හිතාගත්තෙ... මචන්ල මේකත් කියන්න ඔන... අපෙ සෙට් 1ක මැරුනත් දාල යන උන් නෙමෙයි...
ඔන්න අංකල් කියනව මෙයා අපෙ දුවට කරදර කරනව කියල... එතකොට අර අපු පොරක් කියනව ඇයි අල්ලන්න හැදුවද... මොකක්ද කරපු කරදරෙ කියල...
අපෙ වික්‍රමය ඉන්නව ඩිම් වෙලා... හරියට අන්ත අසරන සරනාගතයෙක් වගෙ..
ඔන්න එතකොට අර ලමයගෙ පිය තුමා කියනව මෙයා පස්සෙන් ආව කියල... එතකොට අපෙ ගොබිල කියපි මම කතාකරන්න හැදුවෙ කියල... එක කියල එවර වෙන්න හම්බ උනෙ නැ.. අර ආපු බුවා කියනව... අයියො ඔක සාමාන්‍ය දෙයක්නෙ... කොල්ලො කෙල්ලො පස්සෙන් එන්නෙ නැතුව නාකි යනව ඇ... අපිත් එහෙම තමයි නෙ එකාලෙ... ඔය ලමය එන්න එපා කියුවනම්  එවරනෙ කියල කෙල්ල දිහා බැලුව...

එකෙන් මුලු ඔක්කොම සයිලන්ස්... ඉට පස්සෙ මිනිහ කියනව මල්ලි යන්න කියල... එසැනින් අපෙ වික්‍රමය කෙලින්ම මාරු... අපිත් හෙමිහිට ඉදිරියට ගියා.... මු ඉන්නව අපි එනකම් කිලොමිටරයක් විතර එහාඉන්...



අපි ඉතින් පස්චාත් මරන පරික්ශනය පවත්වමින් ඇවිල්ල දුකට වික්‍රමගෙ ගානෙ පාටියක් දැම්ම....

එත් මෙ හෙඩිම මොක්කක් ද? ෂර්ට් 1ක නොන්ඩියි..

ඔන්න ඔතනට තමයි එන්න හදන්නෙ....

මාස කිපයකට පසුව අපි සෙට් 1ක යනව සුපුරුදු පරිදි බයිසිකල්වල... යන්නෙ ඉතින් අරමුනක් ඇතිව නෙමෙයි... අපි හැරෙවුව අර වික්‍රමයගෙ වික්‍රාන්තිය වුන පාරට... මෙන්න මු කියනව යන්න බැකියල...
අපි ඇහුව යන්න බැ කියන්නෙ ඇයි කියල...
මු කියන්නෙත් නැ... බැරිම තැන මෙක කියපි මචං ෂර්ට් 1ක නොන්ඩියි බං.. කියල...
එතකොට තව 1ක් කියනව ඇයි උබ නොන්ඩි නැද්ද? කියල..

ඔන්න ඔහොමලු උනෙ....

Thursday, February 10, 2011

කරාටෙ

මෙක මෙ අපි අයියගෙ යාලුවෙක් කරපු වැඩක්.. මිනිහ කරාටි ශුරයෙක් (යාලුවන් අතර). ... හිත හොද මිනිහා... අපිට ගොඩක් හිතවත්... මේ මනුස්සය ටික්කක් විතර මොඩයි... ටික්කක් කියන්නෙ චුට්ටම චුට්ටයි... එක කාලයක් මිනිහ 1ක පාරකින් යන්නෙ නැතිව හිටිය... බලන කොට එ පාරෙ කාත් එක්කද රන්ඩුවෙලා... මිනිහ මිනිහ කියන්නෙ නැතිව කියමුකො කරාටෙ කියල.... එදවස් වල මොක්කක් හරි චිත්‍රකතා පත්තරයකත් කතාවක් තිබුන කරාටෙ සහ හුලං කියල...

අපෙ කරාටෙ ව හැමදාම අපෙ අයියල බටිට්1කට ගන්නව... මම පොඩි නිසා මට තෙරෙන්නෙ නැ... එත් කරාටෙ ආවම අයියල සෙට් 1ක මිනිහව ෆෝම් කරල 1ක 1ක කරාටි කැලි රගදක්වනව.... රන්ඩුවකට ගිහාම නම් ඉතින් අනිත් අය වගෙම තමයි ගහගන්නෙ... ඇහුවම කියන්නෙ ප්‍රතිවාදිය කරාටෙ දන්නෙ නැත්නම් වැඩක් නැලු... වල් අඩ්ඩන්ට මොන කරටෙද? කියනව... අර තව කතාවක් තියෙන්නෙ සල්ලි දිල ඉගෙන ගෙන නිකන් ගහනෙනැ ලු..... ඉතින් සල්ලිදිල ගුටිකන කෙනෙක් හොයාගන්න ඔන ඉගනගත්තු කරාටෙ වලින් වැඩක් ගන්න නම්..... තව 1ක් අපෙ කරාටෙ අයියත් එක්ක ‍ෆිල්ම්1ක් බැලුවොත් ඉතින් වෙනිවැල්ගැට තම්බල බොන්න වෙනව... මොකද ලග ඉන්න එකාට මු ගහනව.. හැබැයි රන්ඩුවකට ගිහාම හොදට ගුටිකන්න පුලුවන්... ඇහුවම ‍ෆිල්ම්1කක නමක් කියල කියනව එකෙ කොල්ල මුලින්ම ගුටිකාලලු ගහන්නෙ... හොදවෙලාවට අර drunken master කියන 1ක බලල නැ මගෙ හිතෙ.. නැත්නම් අපෙ කරාටෙ බිල මැරෙනව...
ඉතින් අද කියන්න(ලියන්න) යන සින් 1ක බොහොම සරල සිදුවිමක්... මමයි අපෙ අයියලගෙ සෙට් 1කයි දවසක් යනව තව එයාලගෙ යලුවෙකුගෙ ගෙදර යාලුව බලන්න... අපෙ කාරාටෙත් ගියා... ඔය යන පාර අයිනෙ තියනව ලිදක්... අපි ඔතනින් යනකොට අතුල අයිය (තව අයියගෙ යාලුවෙක්) නානව.... අතුල අයිය අපිට කතාකරල උබලත් නාපන් කියල වතුර බාල්දියකින් ගැහුව... එක හහුවෙ හිමින් අයින්වෙන්න වෙලාව තියල.... අපි ඔක්කොම පැත්තක්ට දිවුව... එත් අපෙ කරටෙ සැලුනෙ නැ... ඊඊඊඊ......යායා....ක්..!! ගාල දැම්ම බ්ලොක් 1ක්... අනෙ අපරාදෙ කියන්න බැ... හොදට නාගත්ත......
ඉට පස්සෙ අතුලට බනිනව... මොන පිච්ච මලක්ද? ( පිච්ච මල මොකකද කියල හිතාගන්න) බං කරන්නෙ... බලපන් කරපු දෙ... කියල 1ක විකාරයයි... හැබැයි කරාටෙ කරාටෙ (ඉවසිම ප්‍රගුන කරනවලු) නිසාම ඉවසනව (පස්සෙ දන්නෙ අතුල අයිය ඉටවඩා වැඩකරු කියල)

තව 1ක් කරාටි හරි කරාතෙ හරි නෙමෙයිලු හරි 1ක හරි වචනෙ කරාතෙ ලු... කරාතෙ කියන්නෙ ජපන්වචනයක් නෙ...  ඔය අපෙ කරාටෙ ගහන පාරවල් වලට මම් අහෙමත් තියනව... ඔක්කොම ජපන් නම්...

අදට ඇති...

ආ ...... කියන්න ඔන දෙයක් තියනව.. අපෙ කරාටෙ දැන් සැහෙන්න හොදයි... ලස්සනට ජිවත් වෙනව.. හරිම උත්සහවන්ත චරිතයක්... දැන් පරන මොඩ වැඩ කරන්නෙ නැලු.......

Monday, February 7, 2011

ගංවතුර හා........

මෙ කියන්න යන්නෙ 88 ගන්වතුර සම්බන්දව පොඩි පොඩි කැලි ටික්කක්.. එදවස් වල මම පොඩි පැංච්චෙක්.. ඔන්න හැමදාම වහින්න පටන් ගත්ත... දවස් කිපයකින් ආරන්චි වෙනව අසවල් තැනින් වතුර දානව කියල... කට්ටිය දන්නව මුලින්ම ගග (කැළණි) උතුරන්න පටන්ගන්නෙ කොතනින්ද කියල.. ඔන්න ඔය විදියට පික ටික වතුර වැඩි උනා... අපිට තිබුන පොඩි කඩයකුත්...  මුලින්ම හන්දි යට උනාම අපිව කො‍ටු වුනා... අපෙ ගෙදරට කොහොමත් වතුරනම් එන්නෙ නැ...

අපෙ ගෙවල්ලග තියන පාසැල කදවුරක් උනා... පුලින්ම ප්වුල් 2,3ක් විතර ආවට පස්සෙ 40ක් විතර ඉන්න ඇති.. අපෙ අයියයි යාලුවොයි වතුරෙමයි...  මින්ස්සුන්ව බෙරගන්නව... බඩු ගැටගහනව... බඩු අදිනව... සැහෙන්න මහන්සි වුනා... අපෙ ගෙදරටත් ආව හිතවත් පවුල් කිපයක්ම..... මට නම් හරිම ජොලි... වතුරෙ නටන 1ක තමයි කරන්නෙ...
එත් ලොකුවට වතුර තියන තැන්වලට යන්න දෙන්නෙ නැ... එ හරියෙ අපෙ අයියල ලනු දාල තියෙන්නෙ.. නැත්නම් හැඩපාරට ගහගෙන යනව..  අපෙ ගෙදර බත් පාර්සල් හදල බෙදනව.. ඔන්න දවසක් විතර පස්සෙ ඉස්කොලෙට ආදාර බෙදන්න මිනිස්සු ආව.. එතකන් කන්න දුන්නෙ ගමෙ මිනිස්සුම තමයි... එක හරියට අපි වෙනුවෙන් අපි වගෙ..  තව දවස් වල ඇදුම් බෙදන්නත් කට්ටිය ආව.. රතුකුරුස 1ල කුත් තිබුන...

ඔය අතරෙ දවසක් මම මහ වතුර තියන තැනට ගියා... මට ඔන උනෙ අයියගෙ ලගට යන්න... මෙන්න අඩි 10 වත් යන්න හම්බඋනෙ නැ... අපෙ අයියගෙ යලුවෙකුගෙ තාත්ත ඇවිල්ල මාව අතින් ඇදන් ගෙදරටම එක්කගියා.... එමදිවට අන්කල් කියපි මාව ගහගෙන යන්න ගියා එයා බෙරගත්ත කියල...
අන්තිමට මට එලියට බහින්න තහනම් උනා.. අන්කල් විරය වගෙ යන්න ගියා... මම කියුව මාව බෙර ගතතනම් අන්කල්ව තෙමෙන්නෙ නැතුව එක කලෙ කොහොමද කියල.. ඉට පස්සෙ ටික්කක් ශෙප්... අයියගෙ යලුවො ඇවිල්ල ඇත්ත කියල මාව ගොඩදැම්ම...
ඔය අතරෙ හන්දියෙ සමුප කාර ගබඩාව මින්ස්සුකඩල කැම ජාති ගත්ත... අපෙ තාත්ත ප්‍රතිපති වල පිහිටල මුකුත් ගත්තෙ නැ... 
ඔන්න ගංවතුර බැහැගන යනකොට අපි ගියා බලන්න.. හංදිය මැද්දෙ පිනුව... එත් හැඩපරකට මාව ගහගෙන ගියා.... ගැබුරනම් මගෙ ඉන ගාවට එත් වතුර පාර ගොඩක් සැරයි... මගෙ යාලුවො ගොඩක් බය උනා.... මම හැඩපාර යනපැත්තට ම ගියා... වෙලක් මැද්දෙ හැඩපාර අඩුඋනා... මම පිනල අනිත් පැත්තෙන් ගෙදර ආව... යන ගමන් රතුකුරුසෙන් තුවාල වලට බෙහෙත් දාගත්ත.... මගෙ කකුල මාව ඇදුන පාරට දනහිස ගාවටම හිරිලා ලෙ ගලනව..
අපෙ ගෙදර නතර වෙලා හිටපු අක්ක ගෙනෙකුයි අයියෙකුයි ඔය අතර යාලු උනා... පස්ශෙ මාස 6කින් විතර බැන්ද.
මගෙ මුත්‍ර වලට හොද ඉල්ලුමක් තිබුන.. පොල්ක‍ටු 5-6ක් ම දුන්න සර්ප විසට බෙහෙත් හදන්න.... ඔන්න ඔය විදියට ග්ංවතුර බැහැල ගියා....
එත් එක්කම අපෙ කඩෙත් වැහිල ගියා... වතුරට යටඋන අයට ආදාර හම්බඋනා... අපි යට උනෙ නැතිහින්ද අපිට නැ.. තාත්ත ආයෙත් රස්සවකට ගියා....

ඔන්න ඔහොමයි 88 ග්ංවතුර මට මතක...

නවතත් අපෙ රටට කොකු ගංවතුරක් ඇවිල්ල .. සැහෙන පිරිසක් අනාත වෙලා... දෙපල, වගාවන්ට ගොඩක් හානිවෙලා... මම පත්තර වල කියවපු විදියට ජිවිතය පරදුවට තියල අපෙ ත්‍රිවිද හමුදාවම එ වෙනුවෙන් කැප වෙනව.... සමහර අය ජිවිතත් කැපකරල...
මම හිතන්නෙ මෙ ගතිය අපෙ ලෙවල තියෙන්නෙ... ආපදාවකදි අපිට කිසිම බෙදයක් නැ.. ..

මම පිටරකට වෙලා ඉන්නෙ අහෙ ආරක්ශකයින් මගෙ ගෙදර, මගෙ රට රකින නිසා.... අපෙ එ මුර දෙවතාවන්ට අපි ජති ජාතින් නයයි කියල මට හිතෙන්නෙ... යුද්ධය නිසා කිදෙනුට සැමිය, සහිදරය, පුතා තාත්ත අහිමු උනාද? අපිත් හැකි සැම අයුරින් ම අපෙ රන විරුවන්ට සහය වෙන්න ඔන.. වදනකින් හරි දිරිදෙන්න ඔන...
ඔවුන්ගෙ සෙවය රස්සාවක් කියා ඔවුන් කිසිදාක නිසිතනවා විය යුතුයි...ඉස්සර නිකම්ම ආමිකාරය අද රන විරුවෙක්.. මම එ ආකල්පයට ගොඩක් කැමති.. ඔවුන් සැබැම විරු වරුන්ය... මගෙ සිතෙ ඔවුන් වෙනුවෙන් ඇති ආදරය , එ හැගිම වචනයට නැගිමට අපහසුය...

රනවිරු සොයුරු සොයුරියනෙ ඔබට ජයෙන් ජයම උදාවෙවා...!!!


ප.ලි. : මෙමෙ පොස්ට් 1ක ට හෙඩිමක් හිතාගත නොහැකිවිය.... නිකම්ම මතක සහ හදවතෙ ඇතිවු සිටිවිලි දාරාවකි... මම දැනට සුලුමුදලකින් ශ්‍රි ලංකා තානාදිපති කර්යාලය හරහ දායක විමි.. ඔබත් මෙය අවස්තාවක් කරගන්න කියයා යොජනා කරමි..

සුභ දවසක්......!

Friday, February 4, 2011

හන්තාන සහ අර්ක්කු දන්සල

මෙ සින් 1කත් උනෙ අපි සෙට් 1ක ටම තමයි.... දවසක් අපි සෙට් 1ක හවස කයිය ගහන් ඉන්නකොට ආව මැඋ අඩහසක්...එක තමයි වෙසක් දවසෙ කොහෙ හරි යමු කියල...... හරියටම හිරු FM 1කෙන් හිරු මාහා බත් දන්සල පැලියගොඩ හන්දියෙ දෙන්න සෙට් කරල තියන කලයෙ...අපි යන්න කතාඋනෙ හන්තානෙ... හන්තානෙ යන්නෙ ඉතින් පොඩ්ඩක් සෙට්වෙලා නිදහසෙ ඉන්න...
අපි සෙට් 1කෙ නම් කියනවනම්
මම
ඇලව්ව (හැමදාම පරකුවෙන එකා)
චෙමිලය
ඩිසල් (ඩිසල් රාලහාමි)
විද්ද
කපා
වෙදපප්ප
ඔන්න අපි 7ක් ඉන්න සෙට්1ක්
ගමනට එකතු කරගත්ත බඩු
ගල්4යි
සොඩ 3යි (ලොකු එව)
මුක්කු
වඩෙ..
දවල් කැම..
මල් කිපයක්
දුම් වැටි..
ආදිය.... (මෙක කඩෙන් ගත්තෙ.. තෙරුනෙ නැත්නම් තෙරුනාවගෙ ඉන්න- වැදගම්මකට නැ)
ඔන්න අපි කතා උනා හිමිදිරි පන්දර 7ට බස් හොල්ට් 1කට සෙට් වෙන්න... අපිට සල්ලි නැ එදවස්වල... පාරෙ බස්1කෙ තමයි ගමන....  මට තදවෙලා තියෙන්නෙ අපෙ සමහර උන් හැමදාම පරකුයි.. මමයි ඩිසලුයි හැමදාම වෙලාවට එනව...  එක නිස මමයි ඩිසයි (ඩිසල්) කියුව කඋරු නාවත් අපි දෙන්න හරි යනව. විනාගි 5යි බලන්නෙ කියල... පොර ටොක් නෙමෙයි මචන් මම එදවස්වල හරියට වෙලාවට වැඩ... මම දවසක් කැබ් 1ක හරවල යැව්ව විනාඩි 5 පරක්කු වෙලා මගෙ ගමන විනාඩි 20ක් පරක්කු උනා.. එව මෙතනට අදාල නැනෙ..
ඔන්න වෙසක් දවසෙ උදෙ හරියටම 7ට ඇලව්ව ආව... මාර පුදුමයි.... එතකොටම ඩිසයි, චෙමිලයයි, වෙදපප්පයි ආව... කපයි විද්දයි නැ... දැන් වෙලාව 7යි...ඔන්න 7:05ත් උනා... අපි බස්1කෙන් ගිය පිට කො‍ටුවට... වෙලාව හරිනෙ.. හැබැයි වෙලාවට ඇවිල්ලත් ඇලා බයිට්.. උනිසාලු අනිත් උන් දෙන්න පරක්කු... උ වෙලාවට ආවෙ ඇයි කියල බනිනව... හරිම අසාදාරනයි නෙද?
ඔන්න අපි කොහොමින් කොහොමින් හරි නුවර ටවුමට ආව.....ටවුමෙ කඩෙකින් උදෙට සප්පායම් උනා... ඉට පස්සෙ ගියා බස්නැවතුමට... යාන්තම් සිලොන් ටකරම් බසයක් (CTB) ආව.. එකෙ වෙනග පුරවල.... වෙලාවට එක එතනම හිටිය... ඇතුලෙ හිටපු සෙට් 1ක කුයි අපි බස්1ක තල්ලු කරල ගොඩ දාගත්ත...... ඉට පස්සෙ නිකම්ම අපිටත් එක්ක ඉඩ ආව බස්1කෙ..
අපි ටිකත් දැන් ඔහොම ඔහොම යනව බස්1කෙ...කොන්දොස්තර මාමා මගෙ යාලුවෙකුගෙන් අහනව දැන් ඔගොල්ලො කොහොම්ද කියල? අපෙ මැන් කියනව හොදයි හොදින් ඉන්නව කියල.... එතකොට කොන්දොස්තර මම කියනව එක නෙමෙයි ඇහුවෙ ටිකට් ගන්න කියල.... බැලින්නම්  එ කතාකරන විදිය.. ඔන්න අපි සෙට් 1ක පාපුවරුවෙම ගමන යනව..
ටික වෙලාවකින් ජොඩු කිපයක් බස්1කෙන් බැස්ස... අපිට තෙරුනා එ හන්තාන තමයි කියල...අපිත් ඔන්න ඔහෙ බැස්ස එතනින්ම....අපිත් ඉතින් බැහැල ඔන්න නගිනව කන්ද. ටික්කකින් පෙනව විකාශන කුලුනක්... අපි ඉට ටික්කක් පහලින් ඔන්න නියම ගල්තලාවක් අස්සෙ සෙට් උනා...  ආතල් කියන්නෙ කට්ටිය මදි... අර්න්ට පරිප්පුවක් දෙන්න ඔන නිසා ආවට උන් එක්කම ආවනම් හොදයි කියල හිතුන... අපෙ බෙබදු සංගමෙ ගායකයො ටික ඔන්න වැඩ පටන්ගත්ත... 5යි ඉන්නෙ... එක නිසා වැඩිය සද්ද නැ... ගානට යනව... කොහොම කොහොම හරි ඇලා සහ වෙදපප්ප ටික්කක් වැඩිවෙලා නිදාගත්ත... අපි 3දෙනත් පොඩ්ඩක් තව දාගත්ත මෙන්න ඩිස්සලුත් හරි... මම චෙමිලයෛ විතරනෙ... චෙමිලය අහනව මචන් කොචිචියට වෙලාවට යනවනම් තව ටික්කකින් යන්න ඔන.... හරි බන් 2නෙකුට 3ක් අරන්යන්න බැනෙ...මම කියුව... මොක්දකරන්නෙ..... බලන් ඉදල වැඩකුත් නැනෙ... අපි 2නත් තව 2ක් දාගෙන හිටිය පාඩුවෙ...
ඔන්න පැයකට විතර පස්සෙ අපෙ කට්ටිය නගිට්ටා.... වෙලාව මදි... අපි සෙට් 1කම හැකි ඉක්මනින් ආව නුවර දුම්රියපොලට.... පොල්ගහවෙලට කොචිචියක් තියනවලු... අපි ඔන්න ඔහෙ එකෙ නැගල පොල්ගහවෙලට ආව... පොල්ගහවෙල විවෙකාගාරයෙ අපි බිත්තර පාන්ද කොහෙද කැව... තව ගල් 1 1/2 ඉතුරුවෙලා තියනව.... මෙසයක් උඩට නැගල ගෙදරට කොල් 1ක් දිල අම්මට කියුව බයවෙන්න එපා කියල.. එට පස්සෙ ලැජ්ජ නැතුව ඉස්ටෙසමෙ යකඩ කටින් කියනව කොහෙද ඉදල කොලබ බලා දාවනයවන දුම්රිය පැය 2ක් පරක්කුයි කියල... කාල වරෙන්කො...
අපි ගියා පාරට යන්තම් පාපුවරුවෙ නැගගන්න පුලුවන් අනුරාධපුරෙ කොළබ හුබස් 1ක් ආව... එකෙ නැගල පි ඔන්න ගෙවල් බලා එනව... හැම හන්දියකම තොරන් ගහල මොක්කක් හරි 1ක් තියනව... ඉතින් සෙනග පිරිල බස්1ක යන්නෙ බොහොම හෙමින්... හැබැයි යන්න පුලුවන් තැන්වල මු යනව මාර හයියෙන්...ඔන්න කඩවත හරියෙදි මෙක හප්පගත්තනෙ බස්1ක... මොනව කරන්නද වෙන බස් 1ක ක නැග්ග... නැගල අමාරුවෙන් ආව කිරිබත්ගොඩට එතනින් එහාට බස් 1ක හෙලවෙන්නෙවත් නැ... අර බත් දන්සල නිසා... අපි කතාඋනා පයින් හරි යන්න... අපි කිරිබත් ගොඩ ඉදල පැලිය ගොඩට එනකම්ම ආව මගදි දන්සල් වලින් සිසිල් බිම නම් හම්බ උනා... අයිස්ක්‍රිම් දන්සලකුත් හම්බ උනාවගෙ මතකයි... අපි එව පහුකරගෙන ආව ඔරුගොඩවත්තට... එතන තිබුන බත් දන්සලක්... එත් බත් තිබුනෙ නැ... අපි එහෙමම ආව වැල්ලම්පිටියට එනකම්ම..... එ මගදි කොපිනම් බිවුව.... වැල්ලම් පිටියෙ තිබුන තව බත් දන්සලක්.... අපි වෙච්චි සින් 1ක උන්ට කිව්ව.. උන් අපිට උයල දෙන්න හැදුව... අපිට තව 3කි.මි. විතර ගිහාම ගෙදර නිසා එපාකිවුව... එතකොට එතන 1ක් අපිට බොන්න කතාකරනව.. අරක්කු දන්සලක්... අපි අපිලග ඉතුරු බඩු පෙන්නුවම පොරට තෙරුන අපි ඉන්න තත්වෙ... ඔන්න ඔය විදියට ගෙදරටම ආවා...
මචන් වැස්සෙ මඩෙ ඇවිල්ල කකුල් කුනුවෙලාවගෙ තැම්බිලා... කකුල් රිදෙන 1ක ඇරුනාම වෙන අමාරුනම් තිබුනෙ නැ...
යන්න බරිඋන උනෙ ගෙන් 1ක් කො‍ටුවෙ ස්ටෙශන් 1ක ගිහිල්ල හැරිල ගිහිල්ල... තව 1ක් පේරාදෙනියට වෙනකම් ගිහිල්ල දුමක් ඇදල ආපෞ ඇවිල්ල... එත් ඉට පස්සෙ ගිය හැම ගමනකදිම අපෙ හැම එකාම වෙලාවට එනව...

අදට ඉවරයි....

Sunday, December 19, 2010

කිපාරක් නැවද?


තව පොඩිම පොඩි සින් 1ක මතක් උනා.. මෙක උනෙ ත් මගෙ යලුවෙකුටම තමයි..
එ කියන්නෙ නිමල් ගෙ අයිය.. මිනිහත් නියම පොර... මගෙ බෙස්ට් ෆෙඩා... (ඇත්තටම මගෙ හොදම යලුව) පොඩි පොඩි අල වැඩ තිබුනට මිනිහ හරිම අවන්කය.. චරිත සහතික ඇති....

ඔන්න අපි සෙට් 1ක සුපුරුදු විදියට හවස සෙට් උනා... අපෙ වික්‍රම (නිමල් ගෙ අයිය) නැ... අපි සෙට් 1ක ගියා මුන්ගෙ ගෙදර.... ඉස්සරනම් ගෙදර යන්නෙ නැ.. fax පනිවිඩ තමයි යවනෙ.. එ දවස්වල මොබයිල් නැ නෙ.. fax කියන්නෙ ගෙදර වහලෙට පොඩි ගල් වලින් ගහනව... මු ටග්ගාල එලියට එනව..... නැත්නම් කවුරුගල් ගැහුවත් බැනුම් අහන්නෙ මුනෙ අන්කල්ගෙන්...  එ කතා ඇති නෙ ද?..

ඔන්න අපි මුගෙ ගෙදර යනකොට මෙක ලැස්ට්ති වෙනව හැඩවෙනව.... හිස ජෙල් ගාල එහෙම කොන්ඩෙ පිරනව... එතන හිටපු අපෙ 1ක් කියනව මචන් ජෙල් හැවම කොන්ඩෙ යනව නෙද?.... එතකොට මුකෙ හැකර කට ඉස්සර උනා...
ඇයිබන් හුලගෙ යනවට නෙන්නම් ජෙල් ගාන්නෙ... එතකොට අනික අයෙත් කියනව හු...ලගෙ නෙමෙයි බන්...
ඔන්න ආයෙත් අපෙ වික්‍රමය කියනව මගෙත් ඉස්සර කොන්ඩෙ ගියා නානකොට.... ඔන්න පොට පැදුනා........

මගෙ කටත් හොදනැනෙ.... මම කියුව එතකොට තො දැන් නාන්නෙ නැ නෙ ඉස්සර නැවට...... ඔන්න කට්ටියටම හිනා.... දන්නව නෙ බයි හිනාව... පොරට පට්ට මල...
මු දන්න සිංහලෙන් කියනව... අපෙ එඋන් අහයි එව... වික්‍රමගෙ දවසට සොරි.කොම් තමයි... එලගට අපි සෙට් 1ක නාන්න ගිය සැරයක් ගානෙ කියනව.... මෙන්න මු 1වෙනි වතාවට නැව... ඉලග දවසෙ 2වනි වතාව... හැම පාරම මු නාන වාර ගාන කොල්ලො ගනිනව...

ඔන්න ඔහොමයි අපෙ බුවා නාගත්තෙ... 

තව හන්තාන සහ අර්ක්කු දන්සල ඉලගට දාන්නම්කො..

Wednesday, November 3, 2010

පොඩි අල ඉංග්රිිසි පාඩමක්


ඉංග්‍රිසි කොචර එගෙන ගත්තත් කතාකරන්න හරි ලියන්න හරි වචන දැනගෙන ඉන්න ඔන නෙ..
ඔන්න මම මොඩි සමාන පද වගෙ දෙවල් ටික්කක් දානව...
තමන් දන්න එවත් බෙදාගත්තොත් හොදා......

v  හෙන රාජ තෛලය >> thunder king oil
v  කාර් 1ක කුඩෙ කුඩු >> that car was umbrella powder
v  හාල්මැස්සො හරි ගනන් >>  rice fly was very very arithmetic
v  උලුහාල් >>  tile rice
තැබිලි පාටට කියන්නෙ orange colour  කියල එතකොට orange  කියනෙ දොඩම් වලට ලංකාවෙ පේ දොඩම් කොලපාටයි.. එතකොට orange colour  කියන්නෙ කොල පාටට.
ම්ව් වගෙ දෙවල් අහද්දි හරි විනොදයි නෙ ද?
ඇයි ගම්වල නම් එහෙමත් පරිවර්තනය කරන්න පුලුඅන්..

නුවර එලිය >>Kandy light
මහ භාගෙ>>  Grate half
අට භාගෙ>> eight half
කහ වත්ත>>yellow garden
යක්කල>> devil pot
මෙ වගෙ ගොඩක් එව තියනව...
හොයල බලන්න කො...
පුලුවන් නම් අනිත් අයටත් දැනගන්න කොමෙන්‍ටුවකින් දාන්න

Sunday, October 24, 2010

ලොකාන්තය 3


ඔන්න ගොඩක් කලෙකින් ආපහු පොස්ට් 1ක් දාන්න හදන්නෙ.. පහුගිය ටිකෙ රාජකාරි මට්ටමෙන් ගොඩක් අවිවෙකිඋනා... හිතට සැහැල්ලුවක් දැනුනෙත් නැ... ඔන්න එහෙනම් හොටන් තැන්න 3 දාන්න යන්නෙ.... කෙටියෙන් ලියන නිසා සමහර තැන් මග ඇරෙනව... 1යි 2යි මග ඇරුනනම් බලල එන 1ක හොදයි...ඔන්න කියපු විදියට සමීක්ශනයක් කරන කන්ඩායමක් අපිට හම්බඋනා... මෙයල අපෙන් අහනව ලෙකාන්තයෙ දියුනුවට මොනවද කරන්න ඔන කියල... අපි ගත් කටටම කියුවෙ මුකුත් නොකර ඉන්න 1ක තමයි හොදම දෙ කියල... එයාලත් එක අනුමත කලා... එත් තව අය කිවලු වැසිකිලි , කඩ වගෙ එව තියනව නම් හොදයි කියල... තව අපි කියුව පොලිතින් මලු ඇතුලුවෙන තැනින් ගන්න එක හොදයි කියල... එත් ගෙන කැම බිම ගෙනියන්නෙ කොහොමද? අපි කියුවෙ මුදලට හරි කඩදාසි මල්ලක් වගෙ 1ක් දෙන්න කියල...

මෙතන වරද යන අය පොලිතින් ගෙනියන 1ක නෙවෙ... එව තැන් තැන්වල දාන එකයි..... හැම කිලොමිටරයකට,අ වගෙ කලිල (කසල) එකක් තියනව... එත් වමහර අය එක පාවිචිකරන්නෙනැ... වරද  එතනයි..අපි ඔන්න එතනින් ඇවිදගෙන ගියා ලොකන්තය බලන්න...
යනමම්ම ආතල් තමයි... වතුර සද්දයක් ආවොත් එතනට යනව.. එතන පොඩිවෙලාවක් ඉන්නව... කැලාව ඇතුලෙ වතුර යනතැන් හරිම ලස්සනයි... කියන්න නම් තෙරෙන්නෙනැ... ඔයාල යන්නම ඔන තැනක්... ගිහිල්ල නැත්නම් යන්න... නිකන් 1ක දවසෙන් ගිහිල්ල එන්න එපා... දවස් කිපයක් ඉන්න... පර්සරය විදින්න... වියදම් කරගෙන පල්ලමක් බලනව කියල හිතන්න එපා... මුලු පරිසරයම හොදට රසවිදින්න... අනාගතපරපුරට එතුරු කරන්න...
ඔන්න අපි එවිදියට ලොකාන්තයට ලගාඋනා... පහල බලන්න හරි බයානකයි.. පහල විශාල තෙවත්තක් තියනව..(නම්පෙරියල් වතුයාය) එක තමයි පෙන්නෙ.... පහල හරිය බලන්ගොඩ... බලන්ගොඩිනුත් යන්න පාරවල් තියනවලු... මම මගක් ගිහිල්ල ‍රැ උන නිසා හැරිල ආව... (මමයි මගෙ නොනයි විතරයි ගියෙ).... එක ගන කැලැපාරක්... අපි කොකාන්තය බලන තැනින් ඇතුලට ගිහිල්ල ගෙනාපු කැම කැව.. මල් පුරාවකුත් තිබ්බ... එ ඇතුලෙ පරත් කන්දපහලට යන නිසා අපි එපරෙන් පහලට ටික්කක් ආව... මම ආවෙ අන්තිමට.. එපාර එවර වෙලා2කට බෙදෙනව... එකක් අපි අපු පාරටම වැ‍ටුන්... මම පසෙන්ම එනනිසා මගෙ යාලුවෙ කිව මෙපාරෙ හැමොම යනව අපි අනිත් පැත්තට යමු කියල... එතකොට මම එස්සර උනා... ඔන්න මම එපාරදිගෙ යනව දිගටම.. එපාරත් ටිකදුරකින් ඉවර උනා... මම කිව පරනම් ඉවරයි එත් පහත්වෙලා වගෙ යන්න පුලුවන් කියල... අපෙ කස්ටියම ක්යුව පලයන් කියල... ඔන්න එක පල්ලමක්... මම පහත් වෙලා පරක් නැතිව පදුරු කඩාගෙන යනව... එව වල්රොස පදුරු.. ක‍ටුත් තියනව... පහත් වෙලායන නිසා ඇනෙන්නෙ අඩුවෙන්.... ඇගම වැහෙන්න ඇදුම් ඇදමු 1කත් වාසියක් උනා... එවිදියට විනාඩි 20ක් විතර ගියා...ඉට පස්ස්සෙ 1ක පරටම හෙලක් ලග නතර උනා... එකියන්නෙ අඩි 7ක් විතර උසක අපි ඉන්නෙ... එතන ඉදන් බලන කොට හරි පාර ඇත පෙනව..... මම කන්ඩියෙන් පැන්න... එ එක්කම අනිත් අයත් පැන්න... පැනල අපි ගියා හරි පාරට... අපි ආපු විදිය ලගයි මම හිතන්නෙ...
අපි මෙපාරදිගෙ යන්නෙ බෙකස් ඇල්ලෙ නාන්න... යනකොට ඇත පෙනව ගග ගලනව... අපි ක්යුව එතනත් නාමු කියල... කට්ටිය බැකියුවට අපි 4ර දෙනෙක් ගියා එතන නාන්න.... අපි දැන් පාරෙන් බැහැල යනව ගග දෙසට... පදුරු තමයි තියෙන්නෙ... එ අතර අලුතෙන් හිටවපු ගස් වර්ගත් තිබුන... ටික දුරක් යනකොට පදුරුවල කොල පාට වැඩි වගෙ... අපි ඔහොම යනකොට එක පාරම මගෙ කකුල පස් යටට ගියා... මම වැ‍ටුන එ එක්කම වයලින් (අපෙ 1ක්) මාව අල්ලගත්ත... මිනිහත් වැ‍ටුන... ඉටපස්සෙ කකුලට මොකද උනෙ කියල බැලුව.. කකුල පස්කඩාගෙන යටට ගිහිල්ල... කකුල ඇදල අරන් බැලුව යට... යට්න් වතුර පාරක් යනව... ගැබුරනම් දන්නෙ නැ... එ එක්කම හු පාරක් ආව පාර පැත්තෙන්... අපි 4ර දෙනා තිරනකලා ඉදිරියටම යන්න... හැබැයි දැන් අත් අල්ලගෙන... පදුරු වල මුලට තමයි කලුල තියන්නෙ... 1ක කකුලක් හරියටම තියල තමයි අනිත් කකුල උස්සන්නෙ...එවිදියට ගියා ගග ගාවට... ගග හැබුරුයි... පදුරු වගෙ උඩ තියනව... ලගට යන්න බැ... එව කඩාගෙන යනව... අපි එහෙමම උඩහට ගියා... ඔන්න එක තැනක ගල් තියනව... එතනට බැහැල ගගට  ගියා.... නියම සිතල වතුර... ගිලිල ගොඩ ආව විතරයි කුඩැල්ලො පිරිල... උන් අමුතු කුඩැල්ලො... ගසපි ගමන් ගැලවෙනව... සෙන්ටි මිටර් තුන් කාලක් විතර ඇති... ඔන්න අපි එතනින් නාල... කොල පාට අඩු පඩුරු හරියෙන් ගොඩක් දුර පයින් ගිහිල්ල ආපහු පාරට ආව...
එ පාර කෙලින්ම බෙකස් ඇල්ලට යන්නෙ... ඔන්න අපි බෙකස් ඇල්ල ගව හොද ආතල් එකක් අරන් නැව....(පුජාවනම් දිගටම ගියා) නාල ඉවර වෙලා අපි කෙලින්ම අපහු ඇතුලු වෙන තැනට ආව.... එතන වැද කරන අය කියනව උදෙ 8ට ගිහිල්ල හවස හයාමාර වෙනකම් මොනවද කලෙ කියල.... තව කියනව උබලට අමුවෙන්නම් ඉන්නබැ කියල.... එයාල ට අපි ගෙනිච්ච දෙවල් සහ විදිය කියුව...  උනුත් කොල්ලොනෙ.... අපිට කියුව ගෙනිච්චට උබල කිසිදෙයක් දාල ආවෙ නැනෙ කමක් නැ කියල... අපි හවස නාවාතැනට ගිහිල්ල එයාලටත් අපිගාව තියන එව දුන්න....එයාල අපිට බත් එක එයාලගෙ ගැස් ලිපෙ හදලදුන්න... පහුවෙනිදා උදෙ අපි ආපහු කොලබ එන්න ඔන...
අපි උදෙන්ම නැකිටල කැම කාල ලැස්තිඋනා ගමනට... කොලමින් ටිකට් බුක්කලාට පට්ටිපොලින් කලෙ නැනෙ... දැන් යන්න වෙන්නෙ සාමාන්‍ය විදියට... කොච්චියෙ කට කපල සෙනග... අපි කොහොම හරි ඔක්කොම ලට්ට ලොට්ට අරගෙන පාපුවරුවෙ එල්ලුනා... අපිට හරිම අමාරුයි... බරිම තැන වයලින් වැසිකිලියට ගියා... ඇතුලෙන් දොර වහල ජනෙලය ඇරිය.... එලග නැවතුමෙන් තව 1ක් එතනට ගියා...තිබුනු පොලොතින් බැග් කඩල හැමතැනම අතුරල අපෙ ලට ලොට්ට තිබ්බ... මාරුවෙන් මාරුවට වැසිකිලියෙ නුවරට වෙනක්ම්ම ආව...එට පස්සෙ යාන්තම් කොලබට ආව...

කොකාන්තය පලවෙනි ට්‍රිප් එක ඉවරයි...

Sunday, October 3, 2010

ලොකාන්තය -2

හ්ම්. ලොකාන්තය -1 ට පස්සෙ 2ක දාන්න ඔනනෙ... ඔන්න එහෙනම්...... මෙතෙක් කතාව බැලුවෙ නැත්නම් ඉස්සෙල්ල බලල එන්න... බලල එන්න කියන්නෙ පුස(බලල යි පුසයි කියන්නෙ 1කයි නෙ නෙ ද?)එන්න.. මොඩ ජොක් එපා නෙද? ඔන්න අපි දැන් අපෙ නවාතැනට ආව... සිතලම සිතලයි... ගැහෙනව... සෙන්ටි 6ක් විතර ඇති... අපෙ නවාතැනෙ තියෙන්නෙ කුස්සියයි ඇදන් 30ක් විතර දාපු කාමරයයි, නාන කාමර සහ වැසිකිලි එලියෙ.. තව බලාගන්න මනුසයගෙ කාමරයයි... විදුලිය නැ.. කුස්සියෙ තියෙන්නෙ දර ලිපක්... අපෙ කට්ටිය ඔන්න දැන් නාන්න ලැස්තිය... එත් වතුර බටෙ කැඩිල... එතන පොරොප්පයක් ගහල වහල තියෙන්නෙ... මොනව කරන්නද මම පොඩි බෙසමක් අරන් නාන්න ගියා... දැන් නාන්න ඔන එලියෙ.. වතුර සිතලම සිතලයි.. හුලන් හමනව... ඔන්න මම ඔ.පු.ප්‍රි.වේ. කියල වතුර 1ක් පුරව ගෙන දාගත්ත ඔලුවට... මට කැගැහුන සිතලට... හොදම ආතල් දැන් තමයි... ඉලග 1ක පිරෙනකම් ඉන්න ඔන...  හිතාගන්න පුලුවන් ද? ඔන්න ඔය විදියට දුක්විදල නැව... නාල එන කොට කට්ටිය උයනව කුස්සියෙ හොද පාටියක්... මම සිතල වැඩිකමට කටෙ තියාගෙනම අඩියක් ගැහුව.... ඔන්න යන්තම් කාමරයට ඇවිල්ල තියන ඇදුම් ඔක්කොම ඇද ගත්ත.. පොඩ්ඩක් ශෙප් වගෙ...ඉට පස්සෙ උයන එවුනුත් 1ක 1ක නාහත්ත... අපි තිබුන බඩගින්නට උනුවෙන්ම කැව... කල ඔන්න පාටිය පටන්ගත්ත... වැඩ්ඩෙ නැගල යනව... අපෙ නවාතැනෙ බාරකාරය සිරිවර්දන ඓයත් ආව... ඇවිල්ල කිව මහත්තයල එලියට යන්න එපා කියල... අපි එපාර එ මනුස්සයට අපි ගෙනාපු තැගි දුන්න... එයාට හරි සතු‍ටුයි... අපි නැවත හෙට දවස ගැන පැලැන් කලා...
උදෙන්ම කැම  ... උදෙ 7:30 ට තමයි ලොකාන්තය අරින්නෙ... එගැන කතාකරගෙන අපි නින්දට වැ‍ටුන... නින්දට වැටෙන්න කලින් 1ක 1කා ඇගට නම් වැ‍ටුන... ඔන්න උදෙ නැකිටල පලවෙනි රාජකාරිය.. වැසිකිලි යැම... හප්පාආආආආ... එගැනනම් කියන්නම වටිනව..
ඔන්න හාහා පුරා කියල උදෙන්ම ගියා වැසිකිලියට ලන්තැරුමත් අරන්... ඔන්න ඉතින් වැඩෙ කලා කියමුකො.. හොදන 1ක තමයි වැඩෙ... සිතලම සිතලයි... ගල්වෙලා ගියා.... ඉට පස්සෙ අපි උදෙට මුන හොදගෙන  ලැස්තිවෙලා කැම කැව... අපි මෙවගෙ ගමන් වලදි දවල්ට කැම කන්නෙ නැ... බිස්කට්, රෙඩ්බුල්, බිම ජාති තමයි ගෙනියන්නෙ.. දැන් ඔන්න ගැටලුවක් තියනව... එක තමයි සිකරට් ගෙනියන්න දෙන්නෙ නැ ගෙට්‍ටුවෙන් එහාට... එපාර 1ක 1කා 1ක 1ක තැන් වල හන්ග ගත්ත පැකට් 1ක 1ක... ලයිටර් සපත්තු ඇතුලෙ....අපි කට්ටිය ඔන්න දැන් යනව පොරවල්ල වගෙ... කියන්න ඔන නැනෙ කොල්ලො සෙට් 1ක් ගමන්යන විදිය... ඔන්න අපි ගෙට්‍ටුව ලගට ආව.. මගෙ නමට තමයි අවසර පත තියෙන්නෙ.. ඔන්න මම එක ගෙට්‍ටුවෙ අයියට දිල එතනින් මාරු උනා... අපිව හොදට චෙක්කලා... ලයිටර් 3යි සිගරට් පැකට් 3යි අහු උනා... දැන් මොකද කරන්නෙ... එයාල කිව යනකොට ආපහු දෙනව කියල... ඔන්න අපි ගෙට්‍ටුව ලගින් ඇතුලුවෙලා 100 මිටර් විතර ගියා... ගිහිල්ල මම මගෙ ලගතිබුන සිගරට් පැකට් 1ක ගත්ත.... වැඩක් නැ... අලිය ඉන්නව හෙන්ඩුව නැ... අපි ඊසෙල්ලම හම්බවෙන සෙට් 1කෙන් ගින්දර ඉල්ලුව... ඔන්න උන් ගිනි පෙට්ටියක්ම දිල කියනව අපි ගෙනාපු සිගරත් ඔක්කොම අහු උනා කියල.. අපි එයලට සිගරට් දුන්න... 1ක ගිනි පෙට්ටියක් ඉල්ල ගත්ත...
අපි සිගරට් බිවුවට 1ක ම කොටයක් ගිනි කුරක්, අපි කන දොඩම් ලෙල්ලක්, ටො‍ෆි කොලයක් දාල නම් එන්නෙ නැ.. අනිත් අය දාපු එවත් අහුලගෙන එනව.. එව අහුලල තමය් කලින් පාර හොයගන්න තවත් අමාරු උනෙ.... මගෙ කලිසම කාගො පැන්ට් 1ක් කකුලක් කැලි 3කට ගලවන්න පුලුවන්... එකෙ යටම සාක්කුව තමයි කුනුබාල්දිය... ඔක්කොම කුනු එකෙ තමයි කපිලව (කසල-කුඩ) හම්බ වෙනකම්.... අපි දකින දකින පල්ලම් වලට බහිනව... වතුර තියන තැන්වලට යනව... හරිම විනොදයි... අතරින් පතර මල් පුජාත් තියනව... ඔක්කොම කියන්න ඔන නැනෙ...
ඔන්න ඔය විදියට තමයි අපි ලොකන්තයට යන්න පිටත් උනෙ..ඔන්න අපි ආව පොඩි හන්දියක් වගෙ තැනකට... එතන හිටිය කට්ටියක් සමික්ශනයක් කරන්න ආව...



-----මතුසම්බන්දයි-------

Tuesday, September 28, 2010

ලොකාන්තය -1

පින්තුරය පෙනවනෙද?
මෙ ඉන්නෙ මම සහ ගෝනෙක්....
දැන් ගෝනවයි මාවයි පටලව ගන්න එපා..
මෙ ගෝනගෙ නම රාජ... ඉන්නෙ හොටන් නැන්නෙ... අපෙ සෙට් 1ක අවුරුද්දකට සැරයක් හොටන් නැන්නට යනව දවස් 3කට විතර...
අපි කොලබින් නවාතැන් වලට ගෙවල දවස් 3ක් හරි 4ක් හරි ඉන්නෙ හොටන් තැන්නෙ..... හරිම ශොක් තැන.... වචන නැ කියන්න...
අපි හැම අවුරුද්දෙම යන නිසා ඉන්න කට්ටිය අදුරනව....

අපි කොලබින් ‍රැ කොච්චියෙ තමයි යන්නෙ.... කලින් ආසන වෙන්කගෙන යන නිසා නිදහස්... ආසන ප්‍රශ්න නැ..
බොහොවිට පෙට්ටියටම අපියි ගාඩ් අයියයි විතරටි.... ගාඩ් අයියල අපිට කලින් සප්පායම් වෙලා දොයි....
අපි අපෙම ලොකෙක කොච්චියෙ යනව... ඔන්න අපි ඔහොයියෙන් හරි පට්ටිපොලින් හරි බහිනව...

පලවෙනි පාර නම් ඔහොයියෙන් තමයි බැස්සෙ... ඔන්න අපි බැහැල චුට් කොපි කඩෙකින් කොපි බිල ගිමන් ඇරල යනව රෙල්පාර දිගෙ අපහු බිංගෙ ලගට...
මට බඩගින්නක් අව.... අපි බිංගෙ ගාව පොඩි වතුර පරෙන් වතුර අරගෙන මැගි හදාගෙන කැව... ආ කියන්න බැරි උනානෙ මැගි හැදුවෙ කොහොමද කියල
අපි ලග තියනව මොබයිල් ගැස් ලිපක්...තව පිගන් හැදි...
අපි යන්නෙ ඔක්කොම ඔන දෙවල් අරගෙන... බරම දෙ තමයි බොතල්... වතුර තිබහට... තව දුම් වර්ග..
අපෙ නවාතැනෙ අයියට අතිවිශෙශ...

ඔන්න අපි උදෙට කාල නගින්න පටන් ගත්ත... අපි කොහෙ ගියයත් කොසිම දෙයක් මග දාන්නෙ නැ... ඔක්කොම එකතුකරන් යනව... ටොපි කොල පවා... අපි යන අඩි පාරෙ තිබුන කුනුත් අපි එකතුකලා...
ඔන්න අපෙ 1ක් ඉන්නව කාඩ්1ක වෙදපප්ප (ඇත්තටම වෙද මහතෙක්) පොර තමයි අපි යන පාරෙ ලකුනු දාන්නෙ... ඔන්න අපි යනව දිගටම... කලින් ගිහිල්ල තියන 1ක්වත් නැ...
ඔන්න මච්න අපි 2වනි කන්ද නගින්න ගත්ත.... එක මාර ලස්සන තැනක්... හරියට රොබින් හුඩ් 1කෙ කැලෙ වගෙ.... අපි ඔතන කැමර 3න කින් පින්තුර ගත්ත..... අපි 3වෙනි කන්දෙන් 4වෙනි කන්දට යන්න කොට හවස 3ට විතර ඇති..
අපි අහගත්ත විදියටනම් අපි දවල් වෙනකොට යන්න ඔන හරි තැනට... අපි දැන ගත්ත පාර වැරදුනා කියල... අපි 4ර වෙනි කන්දෙන් ආයෙත් 3වෙනි කන්දට ආව... කදු 2ක අතර ලොකු ප්‍රපාතයක්... අපි ආවෙ වැටිච්ච ගහක් උඩින්...
ඔන්න අපි එතන නතර වෙලා බිස්කට් කැව... ආයෙත් දැන් එනව... අපෙ වෙදපප්ප නියමට පාර ලකුනු කරල... අපි අපු පර නෙමෙයි ලකුනු කරල තියෙන්නෙ අපි ගිය පාර... එ කියන්නෙ අපි කොහොමත් හන්දියක් වගෙ තැනකට එන්නෙ ලකුනු කරපු පරෙන්... එතකොට අපි මුලින්ම ආපු පාර හොයාගන්න බැ....

අපෙ මරන පරික්ශක කිව්ව වගෙ වතුර සද්දෙ පැත්තට ගියා... එත් මරන පරික්ශකව වැ‍ටුන... අපි එ අදහස අත ඇරල ආයෙත් කන්ද බහින්න පටන් ගත්තම තව වතුර පාරක සද්දයක් අහුන... අපි එ පැත්තට ගියා...
එතන තිබුන ලොකු බැවුමක්... අපි එතනින් පහලට බැස්සම අපිව 2වෙනි කන්දට අව... අපිට එතනදි කොචිචියෙ සද්දෙ ඇහුන... අපි ඔන්න ආයෙත් ඔහොයියට ආව.... එතනින් වාහනයක් අරන් ඔන්න යන්තන් 6ට කලින් හොටන් තැන්නෙ කර්යාලයට ගියා....

අපි යනකොට හොදටම හිරිලා... මඩනාල.... තැන්තැන් වලින් ලෙගලනව...  මිනිස්සු අපි දිහා හරියට සත්තු දිහාවගෙ බලන්නෙ.... මගෙ නමට තමයි අවසර පත තිබුනෙ... මම බිම බලාගෙනම ගිහිල්ල යතුර අරන් ආව...

ඔන්න අපි එ විදියට නවාතැනට ආව....
ඔය දෙවනි පිංතුරෙ අපෙ නවාතැන ලග..
ඉතුරු ටික වෙන පොස්ට් 1කකින් දාන්නම්... අදට ඇති...

නිමල් -1

ඔන්න තව බයිලයක් කියන්නයි හදන්නෙ..

අපෙ ඉන්න පොරක් ගැන... අපි කියමුකො නම නිමල් කියල...
නිමල් කියන්නෙ මගෙ හොදම යලුවෙකුගෙ ලොකු මල්ලි... නිමලුත් අපෙ යලුවෙක් තමයි..
මෙ නිමල් පොඩක් වචන ටපලගන්න පොරක්... සරල ජිවිතයක් ගෙවන්නෙ... වැඩකරන්නෙ ගාමට් 1ක ක...
අපෙ සෙට් 1කෙ වචන ටැපලිලි අල්ලන්නෙ තව 1කෙක්.. ඔකට කියන්නෙ වචන මරනව කියල..(බස නසනවනෙ) ඉතින් මුට කාඩ්1ක ගැහුවෙ මරනපරික්ශක කියල...

නිමල් ගැනනෙ කියනව කිව්වෙ...(නැ..නැ.... ලියනව කිවෙ) අපෙ සෙට් 1ක හවස 7:30 ට තමයි සෙට් වෙන්නෙ... හරියටම ශාන්ති කියන නාට්ටිය යනවෙලාවට..
ඔය කතාව අපෙ 1කෙ කුටවත් දිරවන්නෙ නැ..... ඔන්න පුරුදු පරිදි එදත් අපි සෙට් උනා හවස...
ඔන්න ඔක්කොම වල් පල් කියව කියව ඉන්නෙ කොට ඔතනට ආව අපෙ නිමල්.... මෙක වැඩපොලෙ කෙල්ලෙකුට ලයින් දදා තමයි හිටියෙ...
ඔන්න මු 1කපරටම කියනව මචන් මම ද ඇහුව කෙල්ලගෙන් කියල..
මම ඇහුව උබ මොනවද ඇහුවෙ අපිට තෙරෙන්නෙ නැ...
මු කියනව මොනවද බන් මම ඇහුව...
එතකොට තව 1ක් කියනව ඇහුවෙ මොනවද කියහන්කො කියල...
මු කියනව අරක ඇහුවෙ බන්... දන්නෙ නැද්ද?
මම අහුව අරක කියන්නෙ උබ එහෙම ඇහුවද  උබට බැන්නෙ නැද්ද... තෙරුනෙ නැබන්.. මට හිතෙන්නෙ කුනුහරුප එව.. කියපන්කො කියල..

ඔන්න මුට මල... උබලත් කොල්ලොද බං... මම අහුවෙ එකිගෙන්

"මම ඔයාට කැමතිද කියල"
එතකොට මරනපර්ක්ශක අහනව... එක දන්නෙ උබනෙ කෙල්ල දන්නෙ කොහොමද කියල..

ඔන්න මුට මිටර් උනා.... මු කියපි නැ නැ.. එයා මට කමතිද කියල අහුඑ කියල...
අපෙ තව 1ක් අහනව එයා කියන්නෙ කව්ද කියල..

ඉට පස්සෙ මු ඔක්කොම මඩ කලා අන්තිම වෙනකම්ම ඉදල හරි 1ක කිව්ව...

මම ට්‍රියි කරපු කෙල්ලගෙන් ඇහුවෙ එයා මට කැමතිද කියල...
අපි ආආආආ කියල ඔන්න එකතාව නතර උනා....

ටික්කකින් මු කියනව මට බොගක් සෙට් උනා ටග්ගාල එන්නම් කියල...

ඔන්න මු පැය බාගයකට විතර පස්සෙ අව....
ඔන්න දෙබස..

නිමල් :  නියමයි බන් බොගක් දාල අවා, මාර සනිපයි...
අපි :  මචන් බොගක් දානව කියන්නෙ කක්ක දානවට නෙද?
නිමල් : උබල කොහෙද බං ඉන්නෙ... ඔව් ඔව්..
අපි : එත් ඉතින් මෙච්චර වෙලා ගියෙ...
නිමල් : මම කැව බං..
අපි : ආආආ.... උබ කක්ක කරල කැවද?
නිමල් : ඔව් බං ඔව්..
අපි : ඉය පල මෙතනින්... ඌර...
නිමල් : ඇයි මචන් මොකද උනෙ?
අපි : මොකද උනෙ තමයි... කක්ක කරල කන්නෙ ඌරොනෙ ඌරො...

ඔන්න සින්එක... නිමල් නිසා එදා දවසත් ‍රැ12 වෙනක්ම් ඇදගත්ත...

(නිමල් බැන්දෙත් එ ගැනු ලමයවම තමයි)

Wednesday, September 22, 2010

නිලා වර්ග

ඔන්න මට පොඩි සින් 1ක් මතක් උනා...
ඔන්න ඉතින් අවුරුදු කලෙට පොඩිලමයින්ට තමයි ගොඩක්ම ජොලි..
ඉස්කොලත් නිවාඩුනෙ..
 කෙටියෙන් ම ලියන්නම් කො...
සිංහලෙන් කොටන 1ක ලෙසි නැ නෙ...

අපෙ කොම්පැනියෙ හිටිය මනුස්සයෙක් නම සරත් කියමුකො..
මෙ සරත් හරි ජොලි පොරක් විනොදයට බරයි එවගෙම දරුවො 2නෙක් ඉනව..
දුවයි පුතයි.. ගිටාර් ගහන්නත් පුලුවන්.. හොදට වචන හරබ කරන්නත් පුලුවන්...
මට සලකන්නෙත් දරුවෙකුට අගෙ...

ඔන්න එහෙනම් වෙච්චවැඩෙ...
පොඩි වචන පටලැවිල්ලක් දුවගෙ අතින් උන...

අතින් කොහොමද වචන පැටලෙන්නෙ...
කටින් ...

අපෙ සරත් උදෙ වැඩට යන්න ලැස්ති වෙනවලු...
ඉට පස්සෙ මෙන්න මෙ දෙබස තමයි වෙලාතියෙන්නෙ...

සරත් : මම අයෙත් එන්නෙ හෙට දුවට මොනවද ඔන?
දුව : අම්මිත් එක්ක ගිහිල්ල අලුත් ඇදුම් නම් ගෙනාව.. මට නිලා අර්න් දුන්නෙ නැ..
සරත්: ඔයා තාම පොඩිනෙ..
දුව: මම අයියත් එක්ක පත්තුකරන්නම්... අනෙ තාත්ති..

තාත්ත ට තාත්ති කියන්නෙ ... අපෙ තාත්තනම් ක්යන්නෙ තාත්ති කියන්නෙ තාත්තගෙ හැනු සතා කියල...
ඔන්න කතාව පිට යනව....

සරත්: හා හා... දුවට මොන නිලාද ගෙනත් ඔන.. මම එනකොට ගෙන්නම්...
දුව: මගෙ හොද තාත්ති.. මට එනකොට ගැමනිලාම ගෙනත්දෙන්න...

අපෙ සරත් කතානර්තුව එලියට බැහැල ගිහිල්ල...
හැබැයි එනකොට හැමනිලා නෙමෙයි කම්බි නිලා පෙට්ටි 2ක් ගෙනත් දිලා...
ඉවරයි......

Wednesday, September 15, 2010

රක්ෂනය සහ වෙනස

ඔන්න මම හාහා පුරා කියල පොඩි සින් 1ක් කියන්න හදන්නෙ..
මෙක උනෙ මිට වසර කිපයකට කලින්...  වට පිටාව කියනවනම් මැද පේරදිග. මෙන්න මෙකක්යි උන සිද්දිය...
මමයි තව කට්ටියකුයි සෙට් වෙලා (සෙට් වෙනව කියන 1ක දන්නවනෙ) මගෙ යලුව ගෙදර යන්න පිටත්උනා.. මමත් මගෙ වාහනයෙ නැගල
යාලුවන්ව ඇරලන්න හිතුව. මට හිතුනෙ යාලුවට වැඩිය කියල... මට වැඩි කියල තෙරුනේ නැ නෙ..
ඔන්න අපි පිටත් වෙලා.. යනකොට මගෙ යලුව ඉස්සරහින් ගියා.... මම පස්සෙන් යනව... මගෙ වෙගය 130ක් වගෙ...
හයිස්පිඩ් රෙඩාර් 1ක් තියන නිසා මම පොඩ්ඩක් බෙරේක් ගැහුව.. (රට ඉන්න අයනම් දන්නව මෙ මොකක්ද කියල.. මෙ රෙඩාර් 1ක ට අදික වෙගයෙන් යන වාහන අහුවෙනව)
ඉට පස්සෙ පින්තුරයක් එක්ක දඩයක් තියනව පොලිස් වෙබ් 1කෙ)
ඔන්න මම බෙරේක් ගහපුගමන් ම ලිස්සනව වගෙ උනා..මම තවත් තදකලා... කැරකිලා ගිහිල්ල වැදුන කන්දෙන් පහලට යනවට තියන යකඩ ගාඩ් 1කෙ...
මම හෙමිහිට කාර් 1ක කෙලින් කරල යාලුවට කොල්ලා... ඉට පස්සෙ පරෙ යන කාර් 1ක් නතර කරල ඇහුව මොකද උනෙ කියල.. මම විස්තරය කිව්වම කමක් නැකියල එයාගෙ ID 1පෙන්නුව .. මලා පොලිස් පොරක්... පොර කිව්ව ලංකාවෙ එකම ප්‍රශ්නෙ ඩ්‍රින්ස් තමයි කියල.. මම කිව්ව මගෙ PRO (Public relation officer) එනව කියල... පොලිස් කරය යන්න ගියා... මගෙ ඵ්ර්‍O අවට පස්සෙ මිනිහ ඩ්‍රිවින් සීට් 1ක ගිහිල්ල මම ගෙදර ගියා... දැන් රක්ශනයෙන් ගෙවන්න ඔන..
පොලිසියෙන් ලියුමක් ඇරිය නගර සබාවට ආලාබය සතියක් ඇතුලත එවන්න කියල... පහුවෙනිදම මගෙ කාර් 1ක ටොයොට 1කට දැම්ම.. රක්ශනයට අනිවාර්ය
ගාන ගෙව්ව..(මෙක අනිවාර්යයි එහෙම 1ක් තියෙන්නෙ පොඩි පොඩි අලාබ එව එන්නෙ නැති වෙන්න) දවස් 5න් මගෙ වාහනය මට ලැබුන.. නගර සබහව
අලාබය එවන්න සතියකට වැඩිය ගියා... එක මගෙ රක්ශනයෙන් ගෙවුවෙ නැ... දවෛ 3න් එ තැනත් හදල තිබුන...

මාව රස්තියාදු උනෙ බොහොම අවමයක්..
මෙරටෙ වෙනස තමයි වාහනය සම්පුර්නයෙන්ම හදල දෙන්න රක්ශනය බැදිල ඉන්නව...
අමතර කොටස් නැ කියල බැ... හදල දෙන්නම ඔන.. පොලිස් වාර්තාව එවෙලෙම ලැබෙනව..
වන්දියෙ අඩු කිරිම් (කැපිලි) නැ.... එක නිසා වාහනය ගැන බය නැ..
මම දැකපු හොදම දෙ වාහන 2ක් හැප්පුනහම මුලින්ම කරනදෙ රියදුරො දෙන්න අතට අත දෙන 1ක..
ඉට පස්සෙ බොහොම සාම කමිව පොලිසියට කොල් කරන 1ක.. උපරිමය විනාඩි 15කින් පොලිසිය එනව..
වැරදි කාරය තිරනය කරන්නෙ පොලිසිය... ඉට එහා කතාකරන්න කාටවත් බැහැ..

වාහන ගිනිතියන්නෙ නැ... පොලිසියටත් ගිලන්රථ සහ ගිනිනිවන රථ තියනව... 1ක කොල් 1කෙන් ඔක්කොම වැඩ වෙනව...
බොහොවිට පොලිස් වාර්තාව එතනදිම ලැබෙනව...
 මට හිතෙන්නෙ මෙ  නිසා රියදුරන් රන්ඩු වෙන්නෙ නැ.. හැමොම සතුටින් ඉන්නෙ...

අපෙ රටෙ... අමුතුවෙන් කියන්න ඔන නැනෙ....

ම්ගෙ මෙ කතාව නිරසයි වගෙ නෙද...
ඉගන ගන්නවනෙ...
ඉස්සරහට හොද වෙයි කියල හිතනව..

ඉතින් කතාව ඉවරයි...

දැන් කොමෙන්ට් දාන්න බැනල හරි...

Monday, September 6, 2010

1st one

මම නමින් ඉංදික...
මම මුලින්ම කම්මැලි කමට කතන්දරක් වත් කියවන්න හිතාගෙන ගුගල් පරක් දැම්මම අපෙ ක.ශු. (කතන්දර ශුරින්) ගෙ බ්ලොග් 1ක දැක්ක..
ඉටපස්සෙ සිංහලෙන් කමෙන්ට් දාන්න විදියක් නතිව ඉන්නකොට ප්‍රියන්ත සහොදරය ඔන්න මට කියලදුන්න එකත්..
මම සිංහල ල්යන්නෙ කතාකරන විදියට සහ මගෙ අක්ශර වින්යාසෙ හරිම අවුල්.
එක ලැජ්ජාවට කාරනයක් නම් තමයි...
සමාව භාජනයක දාල දෙන්නකො එහෙනම්..

මට පුලුපුලුවන් විදියට සහ වෙලාව තියන විදියට ලියන්නම්..

විෂෙශ ස්තුතිය ක.ශු. ට සහ ප්‍රියන්තට...