ඔන්න ගොඩක් කලෙකින් ආපහු පොස්ට් 1ක් දාන්න හදන්නෙ.. පහුගිය ටිකෙ රාජකාරි මට්ටමෙන් ගොඩක් අවිවෙකිඋනා... හිතට සැහැල්ලුවක් දැනුනෙත් නැ... ඔන්න එහෙනම් හොටන් තැන්න 3 දාන්න යන්නෙ.... කෙටියෙන් ලියන නිසා සමහර තැන් මග ඇරෙනව... 1යි 2යි මග ඇරුනනම් බලල එන 1ක හොදයි...ඔන්න කියපු විදියට සමීක්ශනයක් කරන කන්ඩායමක් අපිට හම්බඋනා... මෙයල අපෙන් අහනව ලෙකාන්තයෙ දියුනුවට මොනවද කරන්න ඔන කියල... අපි ගත් කටටම කියුවෙ මුකුත් නොකර ඉන්න 1ක තමයි හොදම දෙ කියල... එයාලත් එක අනුමත කලා... එත් තව අය කිවලු වැසිකිලි , කඩ වගෙ එව තියනව නම් හොදයි කියල... තව අපි කියුව පොලිතින් මලු ඇතුලුවෙන තැනින් ගන්න එක හොදයි කියල... එත් ගෙන කැම බිම ගෙනියන්නෙ කොහොමද? අපි කියුවෙ මුදලට හරි කඩදාසි මල්ලක් වගෙ 1ක් දෙන්න කියල...
මෙතන වරද යන අය පොලිතින් ගෙනියන 1ක නෙවෙ... එව තැන් තැන්වල දාන එකයි..... හැම කිලොමිටරයකට,අ වගෙ කලිල (කසල) එකක් තියනව... එත් වමහර අය එක පාවිචිකරන්නෙනැ... වරද එතනයි..අපි ඔන්න එතනින් ඇවිදගෙන ගියා ලොකන්තය බලන්න...
යනමම්ම ආතල් තමයි... වතුර සද්දයක් ආවොත් එතනට යනව.. එතන පොඩිවෙලාවක් ඉන්නව... කැලාව ඇතුලෙ වතුර යනතැන් හරිම ලස්සනයි... කියන්න නම් තෙරෙන්නෙනැ... ඔයාල යන්නම ඔන තැනක්... ගිහිල්ල නැත්නම් යන්න... නිකන් 1ක දවසෙන් ගිහිල්ල එන්න එපා... දවස් කිපයක් ඉන්න... පර්සරය විදින්න... වියදම් කරගෙන පල්ලමක් බලනව කියල හිතන්න එපා... මුලු පරිසරයම හොදට රසවිදින්න... අනාගතපරපුරට එතුරු කරන්න...
ඔන්න අපි එවිදියට ලොකාන්තයට ලගාඋනා... පහල බලන්න හරි බයානකයි.. පහල විශාල තෙවත්තක් තියනව..(නම්පෙරියල් වතුයාය) එක තමයි පෙන්නෙ.... පහල හරිය බලන්ගොඩ... බලන්ගොඩිනුත් යන්න පාරවල් තියනවලු... මම මගක් ගිහිල්ල රැ උන නිසා හැරිල ආව... (මමයි මගෙ නොනයි විතරයි ගියෙ).... එක ගන කැලැපාරක්... අපි කොකාන්තය බලන තැනින් ඇතුලට ගිහිල්ල ගෙනාපු කැම කැව.. මල් පුරාවකුත් තිබ්බ... එ ඇතුලෙ පරත් කන්දපහලට යන නිසා අපි එපරෙන් පහලට ටික්කක් ආව... මම ආවෙ අන්තිමට.. එපාර එවර වෙලා2කට බෙදෙනව... එකක් අපි අපු පාරටම වැටුන්... මම පසෙන්ම එනනිසා මගෙ යාලුවෙ කිව මෙපාරෙ හැමොම යනව අපි අනිත් පැත්තට යමු කියල... එතකොට මම එස්සර උනා... ඔන්න මම එපාරදිගෙ යනව දිගටම.. එපාරත් ටිකදුරකින් ඉවර උනා... මම කිව පරනම් ඉවරයි එත් පහත්වෙලා වගෙ යන්න පුලුවන් කියල... අපෙ කස්ටියම ක්යුව පලයන් කියල... ඔන්න එක පල්ලමක්... මම පහත් වෙලා පරක් නැතිව පදුරු කඩාගෙන යනව... එව වල්රොස පදුරු.. කටුත් තියනව... පහත් වෙලායන නිසා ඇනෙන්නෙ අඩුවෙන්.... ඇගම වැහෙන්න ඇදුම් ඇදමු 1කත් වාසියක් උනා... එවිදියට විනාඩි 20ක් විතර ගියා...ඉට පස්ස්සෙ 1ක පරටම හෙලක් ලග නතර උනා... එකියන්නෙ අඩි 7ක් විතර උසක අපි ඉන්නෙ... එතන ඉදන් බලන කොට හරි පාර ඇත පෙනව..... මම කන්ඩියෙන් පැන්න... එ එක්කම අනිත් අයත් පැන්න... පැනල අපි ගියා හරි පාරට... අපි ආපු විදිය ලගයි මම හිතන්නෙ...
අපි මෙපාරදිගෙ යන්නෙ බෙකස් ඇල්ලෙ නාන්න... යනකොට ඇත පෙනව ගග ගලනව... අපි ක්යුව එතනත් නාමු කියල... කට්ටිය බැකියුවට අපි 4ර දෙනෙක් ගියා එතන නාන්න.... අපි දැන් පාරෙන් බැහැල යනව ගග දෙසට... පදුරු තමයි තියෙන්නෙ... එ අතර අලුතෙන් හිටවපු ගස් වර්ගත් තිබුන... ටික දුරක් යනකොට පදුරුවල කොල පාට වැඩි වගෙ... අපි ඔහොම යනකොට එක පාරම මගෙ කකුල පස් යටට ගියා... මම වැටුන එ එක්කම වයලින් (අපෙ 1ක්) මාව අල්ලගත්ත... මිනිහත් වැටුන... ඉටපස්සෙ කකුලට මොකද උනෙ කියල බැලුව.. කකුල පස්කඩාගෙන යටට ගිහිල්ල... කකුල ඇදල අරන් බැලුව යට... යට්න් වතුර පාරක් යනව... ගැබුරනම් දන්නෙ නැ... එ එක්කම හු පාරක් ආව පාර පැත්තෙන්... අපි 4ර දෙනා තිරනකලා ඉදිරියටම යන්න... හැබැයි දැන් අත් අල්ලගෙන... පදුරු වල මුලට තමයි කලුල තියන්නෙ... 1ක කකුලක් හරියටම තියල තමයි අනිත් කකුල උස්සන්නෙ...එවිදියට ගියා ගග ගාවට... ගග හැබුරුයි... පදුරු වගෙ උඩ තියනව... ලගට යන්න බැ... එව කඩාගෙන යනව... අපි එහෙමම උඩහට ගියා... ඔන්න එක තැනක ගල් තියනව... එතනට බැහැල ගගට ගියා.... නියම සිතල වතුර... ගිලිල ගොඩ ආව විතරයි කුඩැල්ලො පිරිල... උන් අමුතු කුඩැල්ලො... ගසපි ගමන් ගැලවෙනව... සෙන්ටි මිටර් තුන් කාලක් විතර ඇති... ඔන්න අපි එතනින් නාල... කොල පාට අඩු පඩුරු හරියෙන් ගොඩක් දුර පයින් ගිහිල්ල ආපහු පාරට ආව...
එ පාර කෙලින්ම බෙකස් ඇල්ලට යන්නෙ... ඔන්න අපි බෙකස් ඇල්ල ගව හොද ආතල් එකක් අරන් නැව....(පුජාවනම් දිගටම ගියා) නාල ඉවර වෙලා අපි කෙලින්ම අපහු ඇතුලු වෙන තැනට ආව.... එතන වැද කරන අය කියනව උදෙ 8ට ගිහිල්ල හවස හයාමාර වෙනකම් මොනවද කලෙ කියල.... තව කියනව උබලට අමුවෙන්නම් ඉන්නබැ කියල.... එයාල ට අපි ගෙනිච්ච දෙවල් සහ විදිය කියුව... උනුත් කොල්ලොනෙ.... අපිට කියුව ගෙනිච්චට උබල කිසිදෙයක් දාල ආවෙ නැනෙ කමක් නැ කියල... අපි හවස නාවාතැනට ගිහිල්ල එයාලටත් අපිගාව තියන එව දුන්න....එයාල අපිට බත් එක එයාලගෙ ගැස් ලිපෙ හදලදුන්න... පහුවෙනිදා උදෙ අපි ආපහු කොලබ එන්න ඔන...
අපි උදෙන්ම නැකිටල කැම කාල ලැස්තිඋනා ගමනට... කොලමින් ටිකට් බුක්කලාට පට්ටිපොලින් කලෙ නැනෙ... දැන් යන්න වෙන්නෙ සාමාන්‍ය විදියට... කොච්චියෙ කට කපල සෙනග... අපි කොහොම හරි ඔක්කොම ලට්ට ලොට්ට අරගෙන පාපුවරුවෙ එල්ලුනා... අපිට හරිම අමාරුයි... බරිම තැන වයලින් වැසිකිලියට ගියා... ඇතුලෙන් දොර වහල ජනෙලය ඇරිය.... එලග නැවතුමෙන් තව 1ක් එතනට ගියා...තිබුනු පොලොතින් බැග් කඩල හැමතැනම අතුරල අපෙ ලට ලොට්ට තිබ්බ... මාරුවෙන් මාරුවට වැසිකිලියෙ නුවරට වෙනක්ම්ම ආව...එට පස්සෙ යාන්තම් කොලබට ආව...
කොකාන්තය පලවෙනි ට්‍රිප් එක ඉවරයි...
No comments:
Post a Comment