Thursday, February 10, 2011

කරාටෙ

මෙක මෙ අපි අයියගෙ යාලුවෙක් කරපු වැඩක්.. මිනිහ කරාටි ශුරයෙක් (යාලුවන් අතර). ... හිත හොද මිනිහා... අපිට ගොඩක් හිතවත්... මේ මනුස්සය ටික්කක් විතර මොඩයි... ටික්කක් කියන්නෙ චුට්ටම චුට්ටයි... එක කාලයක් මිනිහ 1ක පාරකින් යන්නෙ නැතිව හිටිය... බලන කොට එ පාරෙ කාත් එක්කද රන්ඩුවෙලා... මිනිහ මිනිහ කියන්නෙ නැතිව කියමුකො කරාටෙ කියල.... එදවස් වල මොක්කක් හරි චිත්‍රකතා පත්තරයකත් කතාවක් තිබුන කරාටෙ සහ හුලං කියල...

අපෙ කරාටෙ ව හැමදාම අපෙ අයියල බටිට්1කට ගන්නව... මම පොඩි නිසා මට තෙරෙන්නෙ නැ... එත් කරාටෙ ආවම අයියල සෙට් 1ක මිනිහව ෆෝම් කරල 1ක 1ක කරාටි කැලි රගදක්වනව.... රන්ඩුවකට ගිහාම නම් ඉතින් අනිත් අය වගෙම තමයි ගහගන්නෙ... ඇහුවම කියන්නෙ ප්‍රතිවාදිය කරාටෙ දන්නෙ නැත්නම් වැඩක් නැලු... වල් අඩ්ඩන්ට මොන කරටෙද? කියනව... අර තව කතාවක් තියෙන්නෙ සල්ලි දිල ඉගෙන ගෙන නිකන් ගහනෙනැ ලු..... ඉතින් සල්ලිදිල ගුටිකන කෙනෙක් හොයාගන්න ඔන ඉගනගත්තු කරාටෙ වලින් වැඩක් ගන්න නම්..... තව 1ක් අපෙ කරාටෙ අයියත් එක්ක ‍ෆිල්ම්1ක් බැලුවොත් ඉතින් වෙනිවැල්ගැට තම්බල බොන්න වෙනව... මොකද ලග ඉන්න එකාට මු ගහනව.. හැබැයි රන්ඩුවකට ගිහාම හොදට ගුටිකන්න පුලුවන්... ඇහුවම ‍ෆිල්ම්1කක නමක් කියල කියනව එකෙ කොල්ල මුලින්ම ගුටිකාලලු ගහන්නෙ... හොදවෙලාවට අර drunken master කියන 1ක බලල නැ මගෙ හිතෙ.. නැත්නම් අපෙ කරාටෙ බිල මැරෙනව...
ඉතින් අද කියන්න(ලියන්න) යන සින් 1ක බොහොම සරල සිදුවිමක්... මමයි අපෙ අයියලගෙ සෙට් 1කයි දවසක් යනව තව එයාලගෙ යලුවෙකුගෙ ගෙදර යාලුව බලන්න... අපෙ කාරාටෙත් ගියා... ඔය යන පාර අයිනෙ තියනව ලිදක්... අපි ඔතනින් යනකොට අතුල අයිය (තව අයියගෙ යාලුවෙක්) නානව.... අතුල අයිය අපිට කතාකරල උබලත් නාපන් කියල වතුර බාල්දියකින් ගැහුව... එක හහුවෙ හිමින් අයින්වෙන්න වෙලාව තියල.... අපි ඔක්කොම පැත්තක්ට දිවුව... එත් අපෙ කරටෙ සැලුනෙ නැ... ඊඊඊඊ......යායා....ක්..!! ගාල දැම්ම බ්ලොක් 1ක්... අනෙ අපරාදෙ කියන්න බැ... හොදට නාගත්ත......
ඉට පස්සෙ අතුලට බනිනව... මොන පිච්ච මලක්ද? ( පිච්ච මල මොකකද කියල හිතාගන්න) බං කරන්නෙ... බලපන් කරපු දෙ... කියල 1ක විකාරයයි... හැබැයි කරාටෙ කරාටෙ (ඉවසිම ප්‍රගුන කරනවලු) නිසාම ඉවසනව (පස්සෙ දන්නෙ අතුල අයිය ඉටවඩා වැඩකරු කියල)

තව 1ක් කරාටි හරි කරාතෙ හරි නෙමෙයිලු හරි 1ක හරි වචනෙ කරාතෙ ලු... කරාතෙ කියන්නෙ ජපන්වචනයක් නෙ...  ඔය අපෙ කරාටෙ ගහන පාරවල් වලට මම් අහෙමත් තියනව... ඔක්කොම ජපන් නම්...

අදට ඇති...

ආ ...... කියන්න ඔන දෙයක් තියනව.. අපෙ කරාටෙ දැන් සැහෙන්න හොදයි... ලස්සනට ජිවත් වෙනව.. හරිම උත්සහවන්ත චරිතයක්... දැන් පරන මොඩ වැඩ කරන්නෙ නැලු.......

7 comments:

  1. Karaathee (not Karatee) kiyannee Singhalen HISS ATHA kiyana ekai.
    Kun-fu kiyannee NIPUNA PUDGALAYAA (Skilled Man) kiyana ekata.

    ReplyDelete
  2. Typing error sorry... not Kun-Fu it should be... Kung-Fu

    ReplyDelete
  3. ස්තුති ප්‍රතිචාරවලට...
    නිවැරදි කිරිමටත් ස්තුති..
    ඔව් මමත් අහල තියනව එහෙම..
    මම singreesi වලින් කොටන්නෙ...
    පොඩි පොඩි මිස් ෆයර් වෙනව...

    සුභ දවසක්...

    ReplyDelete
  4. Naa naa umbee miss fire ekak nemee.. mama kotapu eka matama waridunaa.. Kung-Fu kiyana ekata Kun-Fu kiyalaa.. Eeeth balana kenekuta ehema waradi wataheem denna honda naa neee.. eekai..

    ReplyDelete
  5. Kyokushin kaikan karapu pot=rakata ahu una nam umbe yaluwata baduma thama

    ReplyDelete
  6. කරාතේ දන්නවා උනාට මොලේ නැත්නම් වැඩක් නෑ නේද?
    අපෙත් යාළුවෙක් හිටියා. මිනිහා කියන්නේ වලියක් නම් ඉන්න එපා දුවන්න කියල. ඇත්තටම බැලුවම මිනිහත් වලියකදී ෂේප් වෙනවා. හැබැයි මිනිහා වැඩ කාරයා. පස්සේ බැලුවම මිනිහගෙන් ගුටි කෑවොත් කන එකාට තුවාල වෙයි කියලයි මිනිහා වලිය මග හරින්නේ.

    ReplyDelete
  7. එක ඇත්ත... හොදම දෙ ශෙප් වෙන 1ක.....
    හොද වැඩකාරයො එහෙම තමයි...

    ReplyDelete