Tuesday, February 22, 2011

ගුනපාල ඉන්නවද?

මෙ සින් 1ක අපෙ ගොබිලො සෙට් 1ක් කැරපු වැඩක්... මමත් අහපු 1ක්.. එක වෙලා තියෙන්නෙ මොහෙමයි....

ඔන්න අපෙ 1කෙක් තව 1කෙකුගෙ ගෙදරට කතාකරල අහනවලු... ඔව් ටෙලිෆොන් එකෙන් තමයි... ඔව් කටින් තමයි...

ගෙහිමිය : හලො..

බුවා 1 : ආ.... හලො.. කොහොමද?

ගෙහිමිය : හොදයි... කව්ද කතාකරන්නෙ...

බුවා 1 : මෙ මම ගුනපාල ඉන්නවද?

ගෙහිමිය : එහෙම කෙනෙක් මෙහෙ නැ...

බුවා 1: ආ.... එහෙමද? මෙ නොම්මරෙ තමයි දුන්නෙ... කමක් නැ.. පනිවිඩයක් කියන්න පුලුවන්ද?

ගෙහිමිය : ගුනපාල කෙනෙක් මෙහෙ නැ.. හරියට නොම්මරෙ බලල ගන්න... රොන් නම්බ....

බුවා 1 : හා  එහෙනම්... බායි...

ඔක සාමන්‍ය දෙයක්නෙ... ඔයවගෙ දෙවල්ද මිනිස්සු කරන්නෙ....
ඔන්න විනාඩි 30කට විතර පස්සෙ..

ගෙහිමිය : හලො...

බුවා 2 : හලො... ගුනපාල ඉන්නවද?

ගෙහිමියා : එහෙම කෙනෙක් නැ.. රොන් නම්බ..

බුවා 2 : ආවම කියනවද මෙ...

ගෙහිමිය : මෙහෙ ඇහි ගුන පාලයෙක් නැ...

දඩස්... අනෙ ෆොන් 1ක පවු....
ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඉටපස්සෙ ඔන්න අපෙ නියම බුවා කොල් කරල අර නම්බ 1කට..

ඔන්න දෙබස...


ගෙහිමිය : හලො..

බුවා : හලො... කොහොමද?

ගෙහිමිය : හොදයි... ඔයා කව්ද?

බුවා : අදුරගන්න බරි උනාද? මෙ මම

ගෙහිමිය : මම කියන්නෙ කවුද? නම මොකක්ද?

බුවා : මම එන්න හිටියෙ...
මම ගුනපාල මට පනිවිඩ මුකුත් තියනවද?

ගෙහිමිය : උබෙ අම්මට ............................................................................

හිතාගන්නකො දෙබස..

ප/ලි : මෙය සැර ඉතාම බාල කර ලියන ලද්දකි..

Monday, February 14, 2011

ෂර්ට් 1ක නොන්ඩියි

අද ලියන්න යන සින් 1කත් අපේ වික්‍රමට උන සීන් 1ක් තමයි... අපෙ හන්දියෙ අපි හවසට සෙට් වෙනව අපෙ යලුවෙකුගෙ කඩෙ ගාව... ඔය හරියෙ ඉතින් 1ක 1ක ටියුශන් පන්ති තියනවනෙ... වැඩ ඇරිල හවස අපි ඔය කඩෙ ගාව තමයි වල බහිනෙ... මම ඔය කඩ විදියෙ කෙලවර දවසක් දැක්ක බොඩ් 1ක් එකෙ ලියල තියනව ලොකු අකුරෙන් "සයිලන්සර්" කියල... මම අපෙ උන්ට කියුව අන්න මචන් නියම ඉන්ග්‍රිසි ක්ලාස් 1ක් ද කොහෙද උගන්නන්නෙ සයිලන් කියල සර් කෙනෙක්... අර බොඩ් 1ක් ගහල තියෙන්නෙ කියල... ඔයවගෙ අපි ඔතන හිටියෙ හරිම විනොදෙන්...ඔය අතර තමයි අපෙ 1කා 1කා ඔය පන්ති යන කැකුලියන්ට බැල්ම දාන්න ගත්තෙ...
අපෙ වික්‍රමයත් බැල්ම දාන්න පටන් අරන්.... මු කොහොමත් කාට හරි බැල්ම දානව... මමත් එ දවස්වල එහෙම තමයි... අපි ඔක්කොම සෙට් 1ක එක වගෙ තමයි... වික්‍රමය මැරිගෙන ට්‍රයි කරනව කාටහරි... අමාරුවෙන් වචනයක් කතාකරනව... ඔය අතර කවි ලියනව... හැබැයි අපිට එව පෙන්නන්නෙ නැ.. දවසක් අපි දැක්ක... හොදට ලියල තියනව.. එත් ඉතින් ආතල්1කට බයිට් නොකරන්නෙත් නැ... ලියුවට වැඩක් තියනව ඇ.... මු මෙව දෙන්නෙ නැ නෙ,... ඔන්න ඔය විදියට ටික දවසකින් මු අහනවා... උත්තරයක් හම්බ වෙනව බැ.. කියල... නැත්නම් ප්‍රමාද වැඩියි කියල... 
ඔය වගෙ සින් තියනවනෙ... ඔන්න දවසක් අපි හන්දියට ගියා මුට හෙල්ප් 1ක් දෙන්න කියල... හෙල්ප් 1ක තමයි මු අර ට්‍රයි කරන කෙල්ලට අඩි 15ක් විතර පස්සෙන් යනව... අපි මුගෙ පස්සෙන් බයිසිකල් තල්ලුකරන් තවත් අඩි 20ක් විතර පස්සෙන් යන 1ක...ඔන්න සුපුරුදු පරිදි මු යනව අර නගාගෙ පස්සෙන්... කියන්න තරම් සිරාත් නැ ඉතින්... ඔන්න යනකොට අංකල් කාරයෙක් ආව... එතකොටම් කෙල්ල කියපි තාත්තෙ මෙන්න මෙය තමයි මම කියුවෙ කියල... 
එතකොට මචන් මර අප්සට්... ගෙවල් වලට ආරන්චි වෙයිද... ගුටි කන්න වෙයිද?.... පස්සෙ ඇවින් රිටන් 1ක දෙනව... කියල හිතෙනව... පපුව ගැහෙනව... ඇයි මචන් අපෙ දෙමාපිනගෙ තත්වෙ...අපෙ නම්බු ක‍ටුව...ඔවා මචන් බෙරගන්න ඔන නෙ... ඔය බම්බු නිසා තමයි එදවස්වල හරියට 1ක් සෙට් කරගන්න බැරි උනෙ... ඉතින් මචන් මමයි අනිත් 1කයි දැන් පර අනිත් පැත්තෙ... මම උයි කතාඋනා.... බැන්නොත් සද්ද නැතුව ඉම්මු.... ගහන්න ආවොත් පැනල ගහමු... ගහල පාගල යමු...කෙල්ලෙක් නිසා මුට ගුටිකන්න දෙන්න බැනෙ... මචන්... මොනව උනත් මගෙ හොදම මැන්ගො ෆ්‍රෙඩානෙ.... 
අංකල් අල්ල ගත්ත මුගෙ බයිසිකලෙ හැඩල් 1කෙන්... අල්ලන් අහනව

තමුසෙ මොකද අපෙ දුවගෙ පස්සෙන් එන්නෙ...

නැ අංකල් මම... මෙ.... මෙ.... නිකා.......

එතකොට අර අංකල් අහනව මම තමසෙගෙ අංකල් නෙමෙයි....කට පරිස්සම් කරගන්නව...

ඔය වගෙ... එව... අපිට හරියටම ඇහෙනව අඩුයි... එතකොට තව පොරවල් 2ක් ආව ඔතනට..ඇවිල්ල අර අංකල් ගෙන් ඇහුව මොකද ප්‍රශ්නෙ කියල... ඔන්න අපි තවත් බය උනා... දැනම් ගමකින් කන්න වෙන්නෙ... ගුටිකාගෙන ගරි මුවත් අරන් පදිමු කියල තමයි හිතාගත්තෙ... මචන්ල මේකත් කියන්න ඔන... අපෙ සෙට් 1ක මැරුනත් දාල යන උන් නෙමෙයි...
ඔන්න අංකල් කියනව මෙයා අපෙ දුවට කරදර කරනව කියල... එතකොට අර අපු පොරක් කියනව ඇයි අල්ලන්න හැදුවද... මොකක්ද කරපු කරදරෙ කියල...
අපෙ වික්‍රමය ඉන්නව ඩිම් වෙලා... හරියට අන්ත අසරන සරනාගතයෙක් වගෙ..
ඔන්න එතකොට අර ලමයගෙ පිය තුමා කියනව මෙයා පස්සෙන් ආව කියල... එතකොට අපෙ ගොබිල කියපි මම කතාකරන්න හැදුවෙ කියල... එක කියල එවර වෙන්න හම්බ උනෙ නැ.. අර ආපු බුවා කියනව... අයියො ඔක සාමාන්‍ය දෙයක්නෙ... කොල්ලො කෙල්ලො පස්සෙන් එන්නෙ නැතුව නාකි යනව ඇ... අපිත් එහෙම තමයි නෙ එකාලෙ... ඔය ලමය එන්න එපා කියුවනම්  එවරනෙ කියල කෙල්ල දිහා බැලුව...

එකෙන් මුලු ඔක්කොම සයිලන්ස්... ඉට පස්සෙ මිනිහ කියනව මල්ලි යන්න කියල... එසැනින් අපෙ වික්‍රමය කෙලින්ම මාරු... අපිත් හෙමිහිට ඉදිරියට ගියා.... මු ඉන්නව අපි එනකම් කිලොමිටරයක් විතර එහාඉන්...



අපි ඉතින් පස්චාත් මරන පරික්ශනය පවත්වමින් ඇවිල්ල දුකට වික්‍රමගෙ ගානෙ පාටියක් දැම්ම....

එත් මෙ හෙඩිම මොක්කක් ද? ෂර්ට් 1ක නොන්ඩියි..

ඔන්න ඔතනට තමයි එන්න හදන්නෙ....

මාස කිපයකට පසුව අපි සෙට් 1ක යනව සුපුරුදු පරිදි බයිසිකල්වල... යන්නෙ ඉතින් අරමුනක් ඇතිව නෙමෙයි... අපි හැරෙවුව අර වික්‍රමයගෙ වික්‍රාන්තිය වුන පාරට... මෙන්න මු කියනව යන්න බැකියල...
අපි ඇහුව යන්න බැ කියන්නෙ ඇයි කියල...
මු කියන්නෙත් නැ... බැරිම තැන මෙක කියපි මචං ෂර්ට් 1ක නොන්ඩියි බං.. කියල...
එතකොට තව 1ක් කියනව ඇයි උබ නොන්ඩි නැද්ද? කියල..

ඔන්න ඔහොමලු උනෙ....

Thursday, February 10, 2011

කරාටෙ

මෙක මෙ අපි අයියගෙ යාලුවෙක් කරපු වැඩක්.. මිනිහ කරාටි ශුරයෙක් (යාලුවන් අතර). ... හිත හොද මිනිහා... අපිට ගොඩක් හිතවත්... මේ මනුස්සය ටික්කක් විතර මොඩයි... ටික්කක් කියන්නෙ චුට්ටම චුට්ටයි... එක කාලයක් මිනිහ 1ක පාරකින් යන්නෙ නැතිව හිටිය... බලන කොට එ පාරෙ කාත් එක්කද රන්ඩුවෙලා... මිනිහ මිනිහ කියන්නෙ නැතිව කියමුකො කරාටෙ කියල.... එදවස් වල මොක්කක් හරි චිත්‍රකතා පත්තරයකත් කතාවක් තිබුන කරාටෙ සහ හුලං කියල...

අපෙ කරාටෙ ව හැමදාම අපෙ අයියල බටිට්1කට ගන්නව... මම පොඩි නිසා මට තෙරෙන්නෙ නැ... එත් කරාටෙ ආවම අයියල සෙට් 1ක මිනිහව ෆෝම් කරල 1ක 1ක කරාටි කැලි රගදක්වනව.... රන්ඩුවකට ගිහාම නම් ඉතින් අනිත් අය වගෙම තමයි ගහගන්නෙ... ඇහුවම කියන්නෙ ප්‍රතිවාදිය කරාටෙ දන්නෙ නැත්නම් වැඩක් නැලු... වල් අඩ්ඩන්ට මොන කරටෙද? කියනව... අර තව කතාවක් තියෙන්නෙ සල්ලි දිල ඉගෙන ගෙන නිකන් ගහනෙනැ ලු..... ඉතින් සල්ලිදිල ගුටිකන කෙනෙක් හොයාගන්න ඔන ඉගනගත්තු කරාටෙ වලින් වැඩක් ගන්න නම්..... තව 1ක් අපෙ කරාටෙ අයියත් එක්ක ‍ෆිල්ම්1ක් බැලුවොත් ඉතින් වෙනිවැල්ගැට තම්බල බොන්න වෙනව... මොකද ලග ඉන්න එකාට මු ගහනව.. හැබැයි රන්ඩුවකට ගිහාම හොදට ගුටිකන්න පුලුවන්... ඇහුවම ‍ෆිල්ම්1කක නමක් කියල කියනව එකෙ කොල්ල මුලින්ම ගුටිකාලලු ගහන්නෙ... හොදවෙලාවට අර drunken master කියන 1ක බලල නැ මගෙ හිතෙ.. නැත්නම් අපෙ කරාටෙ බිල මැරෙනව...
ඉතින් අද කියන්න(ලියන්න) යන සින් 1ක බොහොම සරල සිදුවිමක්... මමයි අපෙ අයියලගෙ සෙට් 1කයි දවසක් යනව තව එයාලගෙ යලුවෙකුගෙ ගෙදර යාලුව බලන්න... අපෙ කාරාටෙත් ගියා... ඔය යන පාර අයිනෙ තියනව ලිදක්... අපි ඔතනින් යනකොට අතුල අයිය (තව අයියගෙ යාලුවෙක්) නානව.... අතුල අයිය අපිට කතාකරල උබලත් නාපන් කියල වතුර බාල්දියකින් ගැහුව... එක හහුවෙ හිමින් අයින්වෙන්න වෙලාව තියල.... අපි ඔක්කොම පැත්තක්ට දිවුව... එත් අපෙ කරටෙ සැලුනෙ නැ... ඊඊඊඊ......යායා....ක්..!! ගාල දැම්ම බ්ලොක් 1ක්... අනෙ අපරාදෙ කියන්න බැ... හොදට නාගත්ත......
ඉට පස්සෙ අතුලට බනිනව... මොන පිච්ච මලක්ද? ( පිච්ච මල මොකකද කියල හිතාගන්න) බං කරන්නෙ... බලපන් කරපු දෙ... කියල 1ක විකාරයයි... හැබැයි කරාටෙ කරාටෙ (ඉවසිම ප්‍රගුන කරනවලු) නිසාම ඉවසනව (පස්සෙ දන්නෙ අතුල අයිය ඉටවඩා වැඩකරු කියල)

තව 1ක් කරාටි හරි කරාතෙ හරි නෙමෙයිලු හරි 1ක හරි වචනෙ කරාතෙ ලු... කරාතෙ කියන්නෙ ජපන්වචනයක් නෙ...  ඔය අපෙ කරාටෙ ගහන පාරවල් වලට මම් අහෙමත් තියනව... ඔක්කොම ජපන් නම්...

අදට ඇති...

ආ ...... කියන්න ඔන දෙයක් තියනව.. අපෙ කරාටෙ දැන් සැහෙන්න හොදයි... ලස්සනට ජිවත් වෙනව.. හරිම උත්සහවන්ත චරිතයක්... දැන් පරන මොඩ වැඩ කරන්නෙ නැලු.......

Monday, February 7, 2011

ගංවතුර හා........

මෙ කියන්න යන්නෙ 88 ගන්වතුර සම්බන්දව පොඩි පොඩි කැලි ටික්කක්.. එදවස් වල මම පොඩි පැංච්චෙක්.. ඔන්න හැමදාම වහින්න පටන් ගත්ත... දවස් කිපයකින් ආරන්චි වෙනව අසවල් තැනින් වතුර දානව කියල... කට්ටිය දන්නව මුලින්ම ගග (කැළණි) උතුරන්න පටන්ගන්නෙ කොතනින්ද කියල.. ඔන්න ඔය විදියට පික ටික වතුර වැඩි උනා... අපිට තිබුන පොඩි කඩයකුත්...  මුලින්ම හන්දි යට උනාම අපිව කො‍ටු වුනා... අපෙ ගෙදරට කොහොමත් වතුරනම් එන්නෙ නැ...

අපෙ ගෙවල්ලග තියන පාසැල කදවුරක් උනා... පුලින්ම ප්වුල් 2,3ක් විතර ආවට පස්සෙ 40ක් විතර ඉන්න ඇති.. අපෙ අයියයි යාලුවොයි වතුරෙමයි...  මින්ස්සුන්ව බෙරගන්නව... බඩු ගැටගහනව... බඩු අදිනව... සැහෙන්න මහන්සි වුනා... අපෙ ගෙදරටත් ආව හිතවත් පවුල් කිපයක්ම..... මට නම් හරිම ජොලි... වතුරෙ නටන 1ක තමයි කරන්නෙ...
එත් ලොකුවට වතුර තියන තැන්වලට යන්න දෙන්නෙ නැ... එ හරියෙ අපෙ අයියල ලනු දාල තියෙන්නෙ.. නැත්නම් හැඩපාරට ගහගෙන යනව..  අපෙ ගෙදර බත් පාර්සල් හදල බෙදනව.. ඔන්න දවසක් විතර පස්සෙ ඉස්කොලෙට ආදාර බෙදන්න මිනිස්සු ආව.. එතකන් කන්න දුන්නෙ ගමෙ මිනිස්සුම තමයි... එක හරියට අපි වෙනුවෙන් අපි වගෙ..  තව දවස් වල ඇදුම් බෙදන්නත් කට්ටිය ආව.. රතුකුරුස 1ල කුත් තිබුන...

ඔය අතරෙ දවසක් මම මහ වතුර තියන තැනට ගියා... මට ඔන උනෙ අයියගෙ ලගට යන්න... මෙන්න අඩි 10 වත් යන්න හම්බඋනෙ නැ... අපෙ අයියගෙ යලුවෙකුගෙ තාත්ත ඇවිල්ල මාව අතින් ඇදන් ගෙදරටම එක්කගියා.... එමදිවට අන්කල් කියපි මාව ගහගෙන යන්න ගියා එයා බෙරගත්ත කියල...
අන්තිමට මට එලියට බහින්න තහනම් උනා.. අන්කල් විරය වගෙ යන්න ගියා... මම කියුව මාව බෙර ගතතනම් අන්කල්ව තෙමෙන්නෙ නැතුව එක කලෙ කොහොමද කියල.. ඉට පස්සෙ ටික්කක් ශෙප්... අයියගෙ යලුවො ඇවිල්ල ඇත්ත කියල මාව ගොඩදැම්ම...
ඔය අතරෙ හන්දියෙ සමුප කාර ගබඩාව මින්ස්සුකඩල කැම ජාති ගත්ත... අපෙ තාත්ත ප්‍රතිපති වල පිහිටල මුකුත් ගත්තෙ නැ... 
ඔන්න ගංවතුර බැහැගන යනකොට අපි ගියා බලන්න.. හංදිය මැද්දෙ පිනුව... එත් හැඩපරකට මාව ගහගෙන ගියා.... ගැබුරනම් මගෙ ඉන ගාවට එත් වතුර පාර ගොඩක් සැරයි... මගෙ යාලුවො ගොඩක් බය උනා.... මම හැඩපාර යනපැත්තට ම ගියා... වෙලක් මැද්දෙ හැඩපාර අඩුඋනා... මම පිනල අනිත් පැත්තෙන් ගෙදර ආව... යන ගමන් රතුකුරුසෙන් තුවාල වලට බෙහෙත් දාගත්ත.... මගෙ කකුල මාව ඇදුන පාරට දනහිස ගාවටම හිරිලා ලෙ ගලනව..
අපෙ ගෙදර නතර වෙලා හිටපු අක්ක ගෙනෙකුයි අයියෙකුයි ඔය අතර යාලු උනා... පස්ශෙ මාස 6කින් විතර බැන්ද.
මගෙ මුත්‍ර වලට හොද ඉල්ලුමක් තිබුන.. පොල්ක‍ටු 5-6ක් ම දුන්න සර්ප විසට බෙහෙත් හදන්න.... ඔන්න ඔය විදියට ග්ංවතුර බැහැල ගියා....
එත් එක්කම අපෙ කඩෙත් වැහිල ගියා... වතුරට යටඋන අයට ආදාර හම්බඋනා... අපි යට උනෙ නැතිහින්ද අපිට නැ.. තාත්ත ආයෙත් රස්සවකට ගියා....

ඔන්න ඔහොමයි 88 ග්ංවතුර මට මතක...

නවතත් අපෙ රටට කොකු ගංවතුරක් ඇවිල්ල .. සැහෙන පිරිසක් අනාත වෙලා... දෙපල, වගාවන්ට ගොඩක් හානිවෙලා... මම පත්තර වල කියවපු විදියට ජිවිතය පරදුවට තියල අපෙ ත්‍රිවිද හමුදාවම එ වෙනුවෙන් කැප වෙනව.... සමහර අය ජිවිතත් කැපකරල...
මම හිතන්නෙ මෙ ගතිය අපෙ ලෙවල තියෙන්නෙ... ආපදාවකදි අපිට කිසිම බෙදයක් නැ.. ..

මම පිටරකට වෙලා ඉන්නෙ අහෙ ආරක්ශකයින් මගෙ ගෙදර, මගෙ රට රකින නිසා.... අපෙ එ මුර දෙවතාවන්ට අපි ජති ජාතින් නයයි කියල මට හිතෙන්නෙ... යුද්ධය නිසා කිදෙනුට සැමිය, සහිදරය, පුතා තාත්ත අහිමු උනාද? අපිත් හැකි සැම අයුරින් ම අපෙ රන විරුවන්ට සහය වෙන්න ඔන.. වදනකින් හරි දිරිදෙන්න ඔන...
ඔවුන්ගෙ සෙවය රස්සාවක් කියා ඔවුන් කිසිදාක නිසිතනවා විය යුතුයි...ඉස්සර නිකම්ම ආමිකාරය අද රන විරුවෙක්.. මම එ ආකල්පයට ගොඩක් කැමති.. ඔවුන් සැබැම විරු වරුන්ය... මගෙ සිතෙ ඔවුන් වෙනුවෙන් ඇති ආදරය , එ හැගිම වචනයට නැගිමට අපහසුය...

රනවිරු සොයුරු සොයුරියනෙ ඔබට ජයෙන් ජයම උදාවෙවා...!!!


ප.ලි. : මෙමෙ පොස්ට් 1ක ට හෙඩිමක් හිතාගත නොහැකිවිය.... නිකම්ම මතක සහ හදවතෙ ඇතිවු සිටිවිලි දාරාවකි... මම දැනට සුලුමුදලකින් ශ්‍රි ලංකා තානාදිපති කර්යාලය හරහ දායක විමි.. ඔබත් මෙය අවස්තාවක් කරගන්න කියයා යොජනා කරමි..

සුභ දවසක්......!

Friday, February 4, 2011

හන්තාන සහ අර්ක්කු දන්සල

මෙ සින් 1කත් උනෙ අපි සෙට් 1ක ටම තමයි.... දවසක් අපි සෙට් 1ක හවස කයිය ගහන් ඉන්නකොට ආව මැඋ අඩහසක්...එක තමයි වෙසක් දවසෙ කොහෙ හරි යමු කියල...... හරියටම හිරු FM 1කෙන් හිරු මාහා බත් දන්සල පැලියගොඩ හන්දියෙ දෙන්න සෙට් කරල තියන කලයෙ...අපි යන්න කතාඋනෙ හන්තානෙ... හන්තානෙ යන්නෙ ඉතින් පොඩ්ඩක් සෙට්වෙලා නිදහසෙ ඉන්න...
අපි සෙට් 1කෙ නම් කියනවනම්
මම
ඇලව්ව (හැමදාම පරකුවෙන එකා)
චෙමිලය
ඩිසල් (ඩිසල් රාලහාමි)
විද්ද
කපා
වෙදපප්ප
ඔන්න අපි 7ක් ඉන්න සෙට්1ක්
ගමනට එකතු කරගත්ත බඩු
ගල්4යි
සොඩ 3යි (ලොකු එව)
මුක්කු
වඩෙ..
දවල් කැම..
මල් කිපයක්
දුම් වැටි..
ආදිය.... (මෙක කඩෙන් ගත්තෙ.. තෙරුනෙ නැත්නම් තෙරුනාවගෙ ඉන්න- වැදගම්මකට නැ)
ඔන්න අපි කතා උනා හිමිදිරි පන්දර 7ට බස් හොල්ට් 1කට සෙට් වෙන්න... අපිට සල්ලි නැ එදවස්වල... පාරෙ බස්1කෙ තමයි ගමන....  මට තදවෙලා තියෙන්නෙ අපෙ සමහර උන් හැමදාම පරකුයි.. මමයි ඩිසලුයි හැමදාම වෙලාවට එනව...  එක නිස මමයි ඩිසයි (ඩිසල්) කියුව කඋරු නාවත් අපි දෙන්න හරි යනව. විනාගි 5යි බලන්නෙ කියල... පොර ටොක් නෙමෙයි මචන් මම එදවස්වල හරියට වෙලාවට වැඩ... මම දවසක් කැබ් 1ක හරවල යැව්ව විනාඩි 5 පරක්කු වෙලා මගෙ ගමන විනාඩි 20ක් පරක්කු උනා.. එව මෙතනට අදාල නැනෙ..
ඔන්න වෙසක් දවසෙ උදෙ හරියටම 7ට ඇලව්ව ආව... මාර පුදුමයි.... එතකොටම ඩිසයි, චෙමිලයයි, වෙදපප්පයි ආව... කපයි විද්දයි නැ... දැන් වෙලාව 7යි...ඔන්න 7:05ත් උනා... අපි බස්1කෙන් ගිය පිට කො‍ටුවට... වෙලාව හරිනෙ.. හැබැයි වෙලාවට ඇවිල්ලත් ඇලා බයිට්.. උනිසාලු අනිත් උන් දෙන්න පරක්කු... උ වෙලාවට ආවෙ ඇයි කියල බනිනව... හරිම අසාදාරනයි නෙද?
ඔන්න අපි කොහොමින් කොහොමින් හරි නුවර ටවුමට ආව.....ටවුමෙ කඩෙකින් උදෙට සප්පායම් උනා... ඉට පස්සෙ ගියා බස්නැවතුමට... යාන්තම් සිලොන් ටකරම් බසයක් (CTB) ආව.. එකෙ වෙනග පුරවල.... වෙලාවට එක එතනම හිටිය... ඇතුලෙ හිටපු සෙට් 1ක කුයි අපි බස්1ක තල්ලු කරල ගොඩ දාගත්ත...... ඉට පස්සෙ නිකම්ම අපිටත් එක්ක ඉඩ ආව බස්1කෙ..
අපි ටිකත් දැන් ඔහොම ඔහොම යනව බස්1කෙ...කොන්දොස්තර මාමා මගෙ යාලුවෙකුගෙන් අහනව දැන් ඔගොල්ලො කොහොම්ද කියල? අපෙ මැන් කියනව හොදයි හොදින් ඉන්නව කියල.... එතකොට කොන්දොස්තර මම කියනව එක නෙමෙයි ඇහුවෙ ටිකට් ගන්න කියල.... බැලින්නම්  එ කතාකරන විදිය.. ඔන්න අපි සෙට් 1ක පාපුවරුවෙම ගමන යනව..
ටික වෙලාවකින් ජොඩු කිපයක් බස්1කෙන් බැස්ස... අපිට තෙරුනා එ හන්තාන තමයි කියල...අපිත් ඔන්න ඔහෙ බැස්ස එතනින්ම....අපිත් ඉතින් බැහැල ඔන්න නගිනව කන්ද. ටික්කකින් පෙනව විකාශන කුලුනක්... අපි ඉට ටික්කක් පහලින් ඔන්න නියම ගල්තලාවක් අස්සෙ සෙට් උනා...  ආතල් කියන්නෙ කට්ටිය මදි... අර්න්ට පරිප්පුවක් දෙන්න ඔන නිසා ආවට උන් එක්කම ආවනම් හොදයි කියල හිතුන... අපෙ බෙබදු සංගමෙ ගායකයො ටික ඔන්න වැඩ පටන්ගත්ත... 5යි ඉන්නෙ... එක නිසා වැඩිය සද්ද නැ... ගානට යනව... කොහොම කොහොම හරි ඇලා සහ වෙදපප්ප ටික්කක් වැඩිවෙලා නිදාගත්ත... අපි 3දෙනත් පොඩ්ඩක් තව දාගත්ත මෙන්න ඩිස්සලුත් හරි... මම චෙමිලයෛ විතරනෙ... චෙමිලය අහනව මචන් කොචිචියට වෙලාවට යනවනම් තව ටික්කකින් යන්න ඔන.... හරි බන් 2නෙකුට 3ක් අරන්යන්න බැනෙ...මම කියුව... මොක්දකරන්නෙ..... බලන් ඉදල වැඩකුත් නැනෙ... අපි 2නත් තව 2ක් දාගෙන හිටිය පාඩුවෙ...
ඔන්න පැයකට විතර පස්සෙ අපෙ කට්ටිය නගිට්ටා.... වෙලාව මදි... අපි සෙට් 1කම හැකි ඉක්මනින් ආව නුවර දුම්රියපොලට.... පොල්ගහවෙලට කොචිචියක් තියනවලු... අපි ඔන්න ඔහෙ එකෙ නැගල පොල්ගහවෙලට ආව... පොල්ගහවෙල විවෙකාගාරයෙ අපි බිත්තර පාන්ද කොහෙද කැව... තව ගල් 1 1/2 ඉතුරුවෙලා තියනව.... මෙසයක් උඩට නැගල ගෙදරට කොල් 1ක් දිල අම්මට කියුව බයවෙන්න එපා කියල.. එට පස්සෙ ලැජ්ජ නැතුව ඉස්ටෙසමෙ යකඩ කටින් කියනව කොහෙද ඉදල කොලබ බලා දාවනයවන දුම්රිය පැය 2ක් පරක්කුයි කියල... කාල වරෙන්කො...
අපි ගියා පාරට යන්තම් පාපුවරුවෙ නැගගන්න පුලුවන් අනුරාධපුරෙ කොළබ හුබස් 1ක් ආව... එකෙ නැගල පි ඔන්න ගෙවල් බලා එනව... හැම හන්දියකම තොරන් ගහල මොක්කක් හරි 1ක් තියනව... ඉතින් සෙනග පිරිල බස්1ක යන්නෙ බොහොම හෙමින්... හැබැයි යන්න පුලුවන් තැන්වල මු යනව මාර හයියෙන්...ඔන්න කඩවත හරියෙදි මෙක හප්පගත්තනෙ බස්1ක... මොනව කරන්නද වෙන බස් 1ක ක නැග්ග... නැගල අමාරුවෙන් ආව කිරිබත්ගොඩට එතනින් එහාට බස් 1ක හෙලවෙන්නෙවත් නැ... අර බත් දන්සල නිසා... අපි කතාඋනා පයින් හරි යන්න... අපි කිරිබත් ගොඩ ඉදල පැලිය ගොඩට එනකම්ම ආව මගදි දන්සල් වලින් සිසිල් බිම නම් හම්බ උනා... අයිස්ක්‍රිම් දන්සලකුත් හම්බ උනාවගෙ මතකයි... අපි එව පහුකරගෙන ආව ඔරුගොඩවත්තට... එතන තිබුන බත් දන්සලක්... එත් බත් තිබුනෙ නැ... අපි එහෙමම ආව වැල්ලම්පිටියට එනකම්ම..... එ මගදි කොපිනම් බිවුව.... වැල්ලම් පිටියෙ තිබුන තව බත් දන්සලක්.... අපි වෙච්චි සින් 1ක උන්ට කිව්ව.. උන් අපිට උයල දෙන්න හැදුව... අපිට තව 3කි.මි. විතර ගිහාම ගෙදර නිසා එපාකිවුව... එතකොට එතන 1ක් අපිට බොන්න කතාකරනව.. අරක්කු දන්සලක්... අපි අපිලග ඉතුරු බඩු පෙන්නුවම පොරට තෙරුන අපි ඉන්න තත්වෙ... ඔන්න ඔය විදියට ගෙදරටම ආවා...
මචන් වැස්සෙ මඩෙ ඇවිල්ල කකුල් කුනුවෙලාවගෙ තැම්බිලා... කකුල් රිදෙන 1ක ඇරුනාම වෙන අමාරුනම් තිබුනෙ නැ...
යන්න බරිඋන උනෙ ගෙන් 1ක් කො‍ටුවෙ ස්ටෙශන් 1ක ගිහිල්ල හැරිල ගිහිල්ල... තව 1ක් පේරාදෙනියට වෙනකම් ගිහිල්ල දුමක් ඇදල ආපෞ ඇවිල්ල... එත් ඉට පස්සෙ ගිය හැම ගමනකදිම අපෙ හැම එකාම වෙලාවට එනව...

අදට ඉවරයි....